තම දූ දරුවන්ට දෙමාපියන් දක්වන ආදරය අති විශිෂ්ඨය. පක්ෂීන් හා සියලූ තිරිසන් සත්වයෝද තම පැටවුන් රැක බලා ගන්නේ තම පණටත් වඩා දැඩි ආදරයකිනි. මනුෂ්‍යයෝ පමණක් තම දරු පැටවුන්ගෙන් පෙරළා තමන්ටද ආදරය කිරීම අපෙක්ෂා කරති. ආදරය දැක්විය යුත්තේ ආදරය අපේක්ෂාවෙන් නොවේ. ආදරයට කිසිම අපේක්ෂාවක් නැත. දෙමාපියන් තම දූ දරුවන්ට හොද අනාගතයක් ලබාදීමට ඔවුන්ගේ කුඩා අවදියේ පටන්ම සැලසුම් කරති. හොඳ පාසලකට ඇතුලත් කිරීම, නීරෝගීකම සමග කෑමබීම හා ඇදුම් හා පැළදුම් ගැන දෙමාපියෝ දක්වන සැලකිල්ල ඉමහත් ය. එහෙත් මේ සියල්ලම සමග දරුවන්ගේ මානසික සවි ශක්තිමත් කිරීමද අත්‍යාවශ්‍යවේ. එය නිවසින් ආරම්භ කළ යුතුය. දරුවන්ට සැබෑ ආදරයක් ඇත්නම් ඔවුන් පුංචිකර, බයකර හකුලුවා තැබීම වැරදිය. කීකරු කම තමන්ට වඩා උතුම් අය කෙරෙහි දක්වන ගෞරවය යි. ඔබේ දරුවා ඔබට ගෞරව කරන්නේ දඩුවම් කරන නිසා නම් එය ගෞරවයක් නොව බියකි. දෙමාපියන්ට හෝ වෙන කිසිම කෙනෙකුට ඔබේ දරුවා තුල බියක් රෝපණය කිරීම පුරාණ වැදි යුගයේ අවශ්‍යතාවයක් විය. අද එය අවශ්‍ය නැත. සැබෑ ආදරය ලබන්නට නම් සැබෑ ආදරය දැක්විය යුතුය. තරවටු කිරීම, ශාරීරික වද දීම, ටොකු ඇනීම හෝ කෝටුපාර දීම සිංහල රජකාලේ ක්‍රියාව...
රිසි සිත එහෙම නැත්නම් සිත කැමති ඕනෑම දෙයක් මෙහි පලවේ.