Skip to main content

Posts

Showing posts from June, 2023

බයකර ගැනීම ආදරය නොවේ..

  තම දූ දරුවන්ට දෙමාපියන් දක්වන ආදරය අති විශිෂ්ඨය. පක්ෂීන් හා සියලූ තිරිසන් සත්වයෝද තම පැටවුන් රැක බලා ගන්නේ තම පණටත් වඩා දැඩි ආදරයකිනි. මනුෂ්‍යයෝ පමණක් තම දරු පැටවුන්ගෙන් පෙරළා තමන්ටද ආදරය කිරීම අපෙක්ෂා කරති. ආදරය දැක්විය යුත්තේ ආදරය අපේක්ෂාවෙන් නොවේ. ආදරයට කිසිම අපේක්ෂාවක් නැත. දෙමාපියන් තම දූ දරුවන්ට හොද අනාගතයක් ලබාදීමට ඔවුන්ගේ කුඩා අවදියේ පටන්ම සැලසුම් කරති. හොඳ පාසලකට ඇතුලත් කිරීම, නීරෝගීකම සමග කෑමබීම හා ඇදුම් හා පැළදුම් ගැන දෙමාපියෝ දක්වන සැලකිල්ල ඉමහත්‍ ය. එහෙත් මේ සියල්ලම සමග දරුවන්ගේ මානසික සවි ශක්තිමත් කිරීමද අත්‍යාවශ්‍යවේ. එය නිවසින් ආරම්භ කළ යුතුය. දරුවන්ට සැබෑ ආදරයක් ඇත්නම් ඔවුන් පුංචිකර, බයකර හකුලුවා තැබීම වැරදිය. කීකරු කම තමන්ට වඩා උතුම් අය කෙරෙහි දක්වන ගෞරවය යි. ඔබේ දරුවා ඔබට ගෞරව කරන්නේ දඩුවම් කරන නිසා නම් එය ගෞරවයක් නොව බියකි. දෙමාපියන්ට හෝ වෙන කිසිම කෙනෙකුට ඔබේ දරුවා තුල බියක් රෝපණය කිරීම පුරාණ වැදි යුගයේ අවශ්‍යතාවයක් විය. අද එය අවශ්‍ය නැත. සැබෑ ආදරය ලබන්නට නම් සැබෑ ආදරය දැක්විය යුතුය. තරවටු කිරීම, ශාරීරික වද දීම, ටොකු ඇනීම හෝ කෝටුපාර දීම සිංහල රජකාලේ ක්‍රියාව...

බෙන්තර පාලමෙන් එහා පැත්තෙන් ඇස් නෑරිච්ච බලල් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ ඇයි?......

මාතර මහ මුදළි තුමා යටතේ සෙවය සේවය කළ මායා රට සේවක මහතෙකු ඒකල තම ගම රට බලා ගමන් කළ අවස්ථාවක පාර අද්දර කෙලින් හිට ගැනීමටවත් නොහැකි දෑසද ඇරීමට නොහැකි වී සිට බළල් පැටවෙකුට සමාන පැටවෙකු දැක අනුකම්පා උපදවා වහා තම අතට ගෙන මල්ලේ සගවා ගත්තේ දරැවන්ට දී ඔවුන් ලවා ඇති දැඩි කිරීමේ අරමුණිනි. පැටවා කාලයත් සමග ලොකු විය යම් තරමින් බළලෙකුට වඩා විශාල විය. නිතර සතුන් දඩයමෙන් ආහාර සොයා ගන්නා නිසා ශරීරයෙන් විශාල වූ බව මේ නූගත් මෝඩ ගැමියා සහ ඔහුගේ පවුලේ වුන් සිතීය. කාලයක් යත්ම නිතර දඩයමේ යන මේ සත්ත්වයා ගෙදර අයවද පහුරැ ගාන්නට මෙන්ම සපා කන්නද විය. අවාසනාවන්ත ලෙස ගැමියාගේ බිළිදු දරැවාද සපා කා තුවාල සිදුකර තිබිනි.මින් උරණ වූ ගැමියා උදැල්ලෙන් කොටා බළළා මරා දැමීමට තැත් කළද උපන් ගමේ හැකියාව ඇති බළළා ඉන් බේරී පැනගත්තේය. ලැබූ නිදහසින් උපරිම ඵල ගත් සත්ත්වයා ගම පුරා ඇවිදිමින් සිත් සේ දඩයම් කරමින් කාලය ගත කරන්නට විය.කුකුලුන් , ඌරැ පැටවුන් වැනි සතුන්ට නිරන්තර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් උරණ වූ ගම් වැසියන් ගැමියාගේ නිවස වටලා චෝදනා කෙරැවේ ඔහු ඇති කළ සතා නිසා ඔවුන්ට හිරිහැර බවටය.ඒ් අවස්ථාවේ ඔහු කියා සිටියේ "බෙන්තර ගඟෙ...

ඔබ පරිණත වූ විට, එම කාලයේ ඇති වටිනාකම...

  මේ ලස්සන කවි අදහස ඉදිරිපත් කර තිබෙන්නේ බ්‍රසීලයේ සැන් පාවුලෝහි (1893-1945 කාලයේ) ජීවත්වුණු, බ්‍රසීලියානු නූතනවාදයේ ආරම්භකයින්ගෙන් කෙනෙක් වූ කවියෙක්, නවකතාකරුවෙක්, රචකයෙක් සහ සංගීතඥයෙක් වූ 'මාරියෝ ද ඇන්ඩ්‍රේඩ්' විසිනි... " මම මෙතෙක් කාළයක් ජීවත්වුණු මගේ අවුරුදු ගණන ගණන් කර බැලුවිට මම මෙතෙක් ජීවත් වූවාට වඩා, මට ජීවත් වීමට තිබෙන කාලය අඩු බව මම තේරුම් ගතිමි... මට එය දැනෙන්නේ රසකැවිලි පැකට්ටුවක් ලැබුණු දරුවෙකු ලෙසයි... මුළදී ඔහු රසකැවිලි සතුටින්, ඉක්මණින් අනුභව කළත් ටික වෙලාවකින් පැකට්ටුවේ ඉතිරිව ඇත්තේ ස්වල්පයක් බව ඔහුට වැටහී යයි... ඉන්පසු ඔහු ඒවා දැඩි පරිස්සමෙන්, හෙමිහිට, නියම ලෙස රස බැලීමට පටන් ගනියි... රටට, සමාජයට කිසිවක් නොකරන බව දැන දැනම සහභාගී වූ රාජ්‍ය ප්‍රඥප්ති, නීතී රීති, ක්‍රියාපටිපාටි සහ අභ්‍යන්තර රෙගුලාසි සාකච්ඡා කරන නිමක් නැති රැස්වීම්වලට දැන් මට වෙලාවක් නැත... කාලානුක්‍රමිකව වයස සමඟ වැඩුණු, එහෙත් වැඩිවියට පත් නොවූ විකාර මිනිසුන් සමඟ ජීවත්වීමට මට තවදුරටත් කාළයක් නැත... මට තිබෙන කාලය ඉතා කෙටි ය... මට එය සාරවත් කර ගැනීමට අවශ්‍යය... මගේ ආත්මය නිමවීම කඩිමුඩියේ සිදුවෙ...

ඔබ විවේකය සොයන කාන්තාවක්ද?...

කෙළවරක් නැති වැඩපලවලින් හෙම්බත්ව පිඩාවට පත්වී සිටීම, නුතන කාන්තාව කෙරෙන් දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. රැකියාවේ කටයුතුවලට අමතරව, ගෘහණියක් හා මවක් වශයෙන් පැවරෙන වගකීම්භාරයද නිසා, එදිනෙදා වැඩපලවල කලබලයෙන් හා කඩිමුඩියෙන් නිරත වන ඇයට මඳ වෙලාවක් විවේකිව, නිස්කලංකව හා ගත සිත සැහැල්ලුවෙන් තබා ගැනීමේ ඇති ඉමහත් ප්‍රයෝජනය ගැන සිත යොමු කිරීමටවත් කාලයක් නැත. ගතසිත සැහැල්ලුවෙන් තබා ගැනීම යන්නෙන් බොහෝ දේ අදහස් කෙරේ. එක් අතකින් එය මානසික අසහනයෙන් හා අස්ථාන බියෙන් සිත මුදා ගැනීමකි. තවත් අතකින් කලබලකාරී අතරතුර කෙටි විරාමයක් ලැබීමකි. විවේකය තුලින් ඉමහත් ආශ්වාදයක් ද ලැබිය හැකිය. සුවදායක නින්දක්ද ලැබිය හැකිය. ගතසිත සැහැල්ලුකර ගැනීමේ මාර්ග විවිධය. ක්‍රීඩාවක යෙදීමෙන් පුවත්පතක් හෝ පොතක් පතක් කියවීමෙන්, ගුවන් විදුලියට සවන්දීමෙන්, රුපවාහිනිය නැරඹීමෙන් හෝ එසේ නැතිනම් සිතට ඇතුල් වන විවිධාකාර සිතුවිලි වලින් මොහොතකට මිදී, හිත හිස් ස්වභාවයෙන් තබාගැනීමෙන් සිතේ තද ගතිය ලිහිල් කරගත හැකිය. ඒ හැම ක්‍රමයක්ම හොඳය. ඔබ තෝරා ගත් ක්‍රමය සැබවින්ම ක්‍රියාත්මක කරන්න එය සැබෑ විවේකයක් කරගත යුතුය. ඔබ එයින් විවේකිසුවය ලබන බව මෙනෙහි ...

නිරෝගී සිතක් වර්ධනය කරගන්න

නිරෝගී සිතක් ඇති අයකු හඳුනාගන්නේ කෙසේද? මූලික වශයෙන් නිරෝගී සිතක් ඇති පුද්ගලයා අනුන්ගේ දිරි ගැන්වීමක් නැතිව ධෛර්යය සම්පන්න අයකු වේ. ඔහු හෝ ඇය බියකින් පසු නොවන නිසා තම අවට ලෝකය දෙස විමසිලිමත්ව බලයි. සංසුන්භාවය හා කඩිසරකම ඔවුන් තුළින් දැක ගත හැකිය. අලුත් දෙයකට, නාඳුනන අයට හෝ අලුත් පළාතකට මුහුණ දීමට පුළුවන. හරි ගියත් හරි නොගියත් යමක් වෑයම් කොට අත්හදා බැලීමට බියක් නැත. පාඩුව, අලාභය මෙන්ම වාසිය හා ලාභය ඉවසා දරාගත හැකිය. සෑම දෙයක්ම කළින් සිතා මතා සැළසුම් කිරීම අවශ්‍ය නැත. මේ අය වෑයම් කර බැලීමට බිඳකුදු බිය නැත. ඔහු යමකින් අසමත් වුවහොත් ඊළඟ වාරයේ හොඳින් කිරීමට පරාජයෙන් යම් අත්දැකීමක් ලබන්නෙකි. මොවුන් තුළ බොරු ආඩම්බරයක් නැත. අසමත් වීම, පරාජය හෝ ලජ්ජා විඳින්නට සිදුවීම නිසා තම ජීවිතය විනාශ වන්නට මොවුහු ඉඩ නොදෙති. තම හැකියාව ගැන ආත්ම විශ්වාසයක් නිරෝගී මනසක් ඇති අයකුට තිබේ. ඔවුහු පහසුවෙන් කළබලයට පත් නොවෙති. තමන්ගේ චිත්ත ආවේග පාලනය කරන්නට බැරිවීම ගැන මොවුහු බිය නොවෙති. අඬන්නට සිදුවන තැන ඇඬීම ද සිනාසෙන්නට හෝ තරහ පෙන්විය යුතු තැන එසේ කිරීමට ද මොවුන් තුළ බියක් නැත. අනතුරුදායක හදිසි අවස්ථාවන්ට ගෞරව කරන ...