අහල නැත්නම් මුලින්ම ගීතය රස විඳින්න. https://youtu.be/2D83YdOKM_E?si=rDO5p51OcvPVut0c ඉන්පසු පසුබිම කතාව මෙතනින්, පොළොන්නරුවේ ඉතාම දුරක ජීවත් වුන ජීවිතේට වත් නොදැකපු මනුස්සයෙක් අපේ හදවතට මේ තරම් සමීප කරන්න චරිතට වගේම නමක් ගමක් නොදන්න ඒ පින්තූරකරුවාට තියෙන්නේ පුදුම තරමේ දක්ෂතාවක්. අලි මිනිස් ගැටුම, කොන් තුනක හැංගිච්ච ජීවිත තුනක කඳුළු කතාව හදවතට වදින්න සලස්වපු මේ වගේ නිර්මාණ ලේසියෙන් බිහිවෙන්නේ නෑ. සිරිල් කියන්නේ පොළොන්නරුවේ ජීවත් වෙන අහිංසක ගොවියෙක්ට. සිරිල්ගේ බිරිඳ රංමැණිකා වකුගඩු ප්‍රශ්නෙකින් මියයනවා. පොළොන්නරුවේ ජීවත් වෙන ගොඩක් ජීවිත නැතිවෙන්නේ කිවුල සහිත වතුර බීලා වකුගඩු නරක් වෙලා. බිරිඳගේ මරණෙන් තුන්මාසෙකට පස්සේ දුව අධ්‍යාපනයට ගම හැරදාලා යනවා. දුව ඉගෙන ගන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයක ඉතින් සිරිල් තනිවෙනවා. හාමිනේ මියගිය දවසේ ඉඳන් ගේ ගාවට එන ඇතින්නිගේ නම රංමැණිකා. සිරිල්ගේ තනි නොතනියට වාගේ ගැවසෙන මේ ඇතින්නි සිරිල්ට දැනෙන්නේ හාමිනේගේ පුනරාගමනයක් විදිහට . මට හිතෙන විඳිහට මියගිය බිරිඳව රංමැණිකේ ඇතින්නිගේ රූපෙන් සිරිල් දකිනවා. "හවස් ...
රිසි සිත එහෙම නැත්නම් සිත කැමති ඕනෑම දෙයක් මෙහි පලවේ.