Skip to main content

Posts

Showing posts from May, 2023

එන්න මේ අවස්ථා මග නොහරින්න

  යුරෝප් රටකට ඇමරිකාවට එංගලන්තයට වීසා එකක් ගන්න බෞද්ධාගමට අපහාස කිරීම බෞද්ධ විශ්වාස පාච්චල් කිරීම හොද සුදුසුකමක් වන්නේය. එක රැයින් කබිබෙන් වැඩඩෙක් වෙන්න ඉහළ ජනප්‍රිය බවක් ලබන්න ලංකාවේ මරණ තර්ජන තියනවා කියලා පොලීසියෙන් සහතික කරන ලද පැමිණිලි පිටපත් විදේශ තානාපති කාර්යාළ වලට ලබා ගන්න වගේම.. බහුතර සිංහල ජාතියේ බහුතර බෞද්ධාගමට අවමන් කරා කියලා රජයෙන් හිරිහැර කරනවා කියන්න CID යන්න වගේම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල ලියාපදිංචි වෙන්න බෞද්ධාගම සුපිරි මෙවලමකි. .. ඔබට ආගමකට බැන වැදී අපහාස කර මැරැම් නොකා පිටරටකට සුවපහසුව ජීවත් වෙන්න පරිසරය සකස් කර ගැනීමට අධ්‍යාපනය වෘත්තීය සුදුසුකම් නැත්නම් අහගෙන ඉන්න බැරි තරම් අසික්කිතව බෞද්ධාගමට අපහාස කරන්න.‼️ ටික දවසක් ඔබට කරදර තිබ්බට අනිවාර්යයෙන් වසරක් යනකොට ඔබට යුරෝපයේ ඇමරිකාවේ එංගලන්තයේ අඩුම ඔබට පුරවැසිභාවය ක්ෂණිකව නුදුන්නත් දිගු කාලීන වීසා බලපත්‍රයක් හරි ලබා ගැනීමට හැකිවේ.  කැනඩාවට යනවනම් ඔබට බෞද්ධාගම අපහාස කරනවාට අමතරව සිංහලහමුදාවට එරෙහිව මානව අපරාධවලට කියා ැන වැදීම දෙමළ ත්‍රස්තවාදය මානුෂිකව බලන්න කැරලිගැසීම එහෙමත් අමතර සුදුසුකම් වන...

දියුණුව කල් දමන ඉක්මන් කෝපය...

 ඉතා සුළු දෙයකට වහා කිපෙන මිනිසුන් අතර උගත් බුද්ධිමත් අය අඩුය.වහා කිපෙන සෑම කෙනෙක්ම බුද්ධියෙන් අඩු කෙනෙකි. උගත්කම තිබෙන වැඩි දෙනා තුළ බුද්ධිමත් භාවය නැත. මිනිසා බුද්ධියෙන් මෝරන විට හැලුන බොහෝ දේවල් අතර ඉක්මන් කෝපයද එකකි. ලෝකයේ නොදියුණු රටවල වහා කිපෙන අය අධිකවේ. එයට හේතුව ඒ රටවලට ශිෂ්ඨාචාරය තවම ලඟා නොවීමයි. ඉපැරණි ශිෂ්ඨාචාරකට අයත් මිනිසුන් සිටිය හැකිය. එහෙත් දියුණුවන කාර්මික හා වාණිජ ලෝකයට ඉපැරණි ශිෂ්ඨාචාරකින් වැඩක් නැත. නවීන ශිෂ්ඨාචාරයේ අවශ්‍යම අංගයක් වනුයේ ඉවසීමයි. අශිෂ්ඨ මිනිසා ඉතා සුළු දෙයට හෝ වචනයක් වැරදීම නිසා කෝපයෙන් දිලිසෙයි. තමන්ගේ මාන්නයට හානිය වූ විගස ඔහුගේ මානසික සමබරතාවය නැතිවෙයි. මාන්නය ඇත්තේ අධික මමත්වයෙන් පෙළෙන මානසික දුබලයන් ළඟය. ඔබේ කෝපය ඉහවහා යන්නේ කව්රු මොනවා කී විටද ? ඔබව නැටවිය හැකි වචන මොනවද? ක්‍රියාවන් මොනවද? වරක් මා දේශනයකට පිට පළාතකට ගියෙමි. එහි නතරවීමට නවාතැන්, හොටෙල් හෝ තානායම් නොතිබුණි. එම නිසා ගමේ ධනවතාගේ නිවසේ මට ලැඟුම් ගන්නට සිදුවිය. උදේ නමයට පමණ මම දේශනයට යාම සඳහා සුදානම්වී සිටියෙමි. ඒ අතර වයස දහය දොළහ අතර කුඩා ළමුන් තිදෙනෙකු මා සිටි කාමරයට පිටින් වත...