යුරෝප් රටකට ඇමරිකාවට එංගලන්තයට වීසා එකක් ගන්න බෞද්ධාගමට අපහාස කිරීම බෞද්ධ විශ්වාස පාච්චල් කිරීම හොද සුදුසුකමක් වන්නේය.
එක රැයින් කබිබෙන් වැඩඩෙක් වෙන්න ඉහළ ජනප්‍රිය බවක් ලබන්න ලංකාවේ මරණ තර්ජන තියනවා කියලා පොලීසියෙන් සහතික කරන ලද පැමිණිලි පිටපත් විදේශ තානාපති කාර්යාළ වලට ලබා ගන්න වගේම..
බහුතර සිංහල ජාතියේ බහුතර බෞද්ධාගමට අවමන් කරා කියලා රජයෙන් හිරිහැර කරනවා කියන්න CID යන්න වගේම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල ලියාපදිංචි වෙන්න
බෞද්ධාගම සුපිරි මෙවලමකි. ..
ඔබට ආගමකට බැන වැදී අපහාස කර මැරැම් නොකා පිටරටකට සුවපහසුව ජීවත් වෙන්න පරිසරය සකස් කර ගැනීමට අධ්‍යාපනය වෘත්තීය සුදුසුකම් නැත්නම්
අහගෙන ඉන්න බැරි තරම් අසික්කිතව බෞද්ධාගමට අපහාස කරන්න.‼️
ටික දවසක් ඔබට කරදර තිබ්බට
අනිවාර්යයෙන් වසරක් යනකොට ඔබට යුරෝපයේ ඇමරිකාවේ එංගලන්තයේ අඩුම ඔබට පුරවැසිභාවය ක්ෂණිකව නුදුන්නත් දිගු කාලීන වීසා බලපත්‍රයක් හරි ලබා ගැනීමට හැකිවේ.
කැනඩාවට යනවනම් ඔබට බෞද්ධාගම අපහාස කරනවාට අමතරව සිංහලහමුදාවට එරෙහිව මානව අපරාධවලට කියා ැන වැදීම දෙමළ ත්‍රස්තවාදය මානුෂිකව බලන්න කැරලිගැසීම එහෙමත් අමතර සුදුසුකම් වන්නේය.
අත්හදා බලන්න.
ඔබ මුලින්ම රට ඇතුලේ සිරා පොරක් වී අවසානයට පිටරටට පනින්න අවස්ථා විවර කර ගත හැකිය.
නුවන් මොණරවිළ.

Comments
Post a Comment