Skip to main content

Posts

ZD8 - වින්දිත ආත්මයන්ගෙ නිදහස පතා

අහල නැත්නම් මුලින්ම ගීතය රස විඳින්න. https://youtu.be/2D83YdOKM_E?si=rDO5p51OcvPVut0c ඉන්පසු පසුබිම කතාව මෙතනින්, පොළොන්නරුවේ ඉතාම දුරක ජීවත් වුන ජීවිතේට වත් නොදැකපු මනුස්සයෙක් අපේ හදවතට මේ තරම් සමීප කරන්න චරිතට වගේම නමක් ගමක් නොදන්න ඒ පින්තූරකරුවාට තියෙන්නේ පුදුම තරමේ දක්ෂතාවක්. අලි මිනිස් ගැටුම, කොන් තුනක හැංගිච්ච ජීවිත තුනක කඳුළු  කතාව හදවතට වදින්න සලස්වපු මේ වගේ නිර්මාණ ලේසියෙන් බිහිවෙන්නේ නෑ.         සිරිල් කියන්නේ පොළොන්නරුවේ ජීවත් වෙන අහිංසක ගොවියෙක්ට. සිරිල්ගේ බිරිඳ රංමැණිකා වකුගඩු ප්‍රශ්නෙකින් මියයනවා. පොළොන්නරුවේ ජීවත් වෙන ගොඩක් ජීවිත නැතිවෙන්නේ කිවුල සහිත වතුර බීලා වකුගඩු නරක් වෙලා.  බිරිඳගේ මරණෙන් තුන්මාසෙකට පස්සේ දුව අධ්‍යාපනයට ගම හැරදාලා යනවා. දුව ඉගෙන ගන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයක ඉතින් සිරිල් තනිවෙනවා. හාමිනේ මියගිය දවසේ ඉඳන් ගේ ගාවට එන ඇතින්නිගේ නම රංමැණිකා. සිරිල්ගේ තනි නොතනියට වාගේ ගැවසෙන මේ ඇතින්නි සිරිල්ට දැනෙන්නේ හාමිනේගේ පුනරාගමනයක් විදිහට . මට හිතෙන විඳිහට මියගිය බිරිඳව රංමැණිකේ ඇතින්නිගේ රූපෙන් සිරිල් දකිනවා.      "හවස් ...
Recent posts

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

සිනහ නොවී මෙය කියවිය හැකිනම් ඔබ දක්ෂයෙකි 😏

 අපේ පංතියේ පලවෙනියා මංගලිකාය. ඒ කියන්නේ විබාගෙන් පලවෙනියාය. මංගලිකාගේ මකන කෑල්ල හරිම සුවඳය. ඒක කේක් සුවඳය. ඒ උනාට අපිට දෙන්නේ නෑ ය. අසේලයා නං කෙල ගාල ඇඟිල්ල පොතේ උලනවාය. ඒ හින්දා වෙලාවකට උගේ සමහර අකුරු ලියවෙන්නෙ ඊළඟ පිටුවේය. පොතේ හැම හිලකටම එක ගානේ අසේලයා ගුටි කා තියෙනවා ය. ඌට කොච්චර මකන අරං දුන්නත් වැඩක් නැත්තේ ඌ මකන කෑල්ල සාක්කුවේ දමාගන්න හින්දා ය. අසේලයාගේ හැම කලිසමකම සාක්කුවේ හිල් ය. අසේලයා කිව්වේ ඌ කවදාහරි මංගලිකා කසාද බඳිනවා කියලාය. ඒ මංගලිකා ගේ මකන කෑල්ල ගන්න ය. එතකොට ඒක මටත් දෙනවා කියලා ඌ කිව්වාය. ඒක ගන්න වෙන ක්‍රමයක් මටත් හිතාගන්න බෑ ය. හොරෙන් ගත්තොත් මංගලිකා ඉවකරගෙන ඇවිත් හොරා අල්ලා ගන්නවාය. ඒ හින්දා මමත් අසේලයාගේ යෝජනාවට කැමති උනෙමු. හැබැයි මංගලිකා ගේ තාත්තා ඒකට කැමති වෙයිද දන්නේ නෑ ය. මංගලිකා ගේ තාත්තා උපනන්ද මාමාය. උපනන්ද කිව්වේ නමය. නැත්තං ඊට වඩා ජේස්ට නන්ද කෙනෙක් හිටියේ නෑ ය. උපනන්ද මාමාට අසේලයා පේන්න බෑ ය. ඒ අසේලයා හින්දා උපනන්ද මාමා ඇලට වැටුණා කියලා හිතාගෙන ඉන්න හින්දා ය. ඒක උනේ මෙහෙමය. අපේ ගමේ ඇල හරහා ඒ දණ්ඩක් තියෙනවා ය. ඒකෙ අත් වැලට දාලා තියෙන්නේ දෙබල් දෙකකට හයි...

පළමු පියවර

   "අතමිට  මුදල්  තත්ත්වය  හොඳ  වුනොත්  ඔක්කොම  ප්‍රශ්ණ  ඉවරයි "  කියන  අය ,  "බිරිඳගේ  ගතිගුණ  වෙනස්  වුනොත්  සතුටින්  ඉන්න පුලුවන් " යයි කියන අය..  "මං  වැඩ කරන  ලොක්කා  දැනට  වඩා  ටිකක්  කරුණාවෙන්  නම්  මට  දැනට  වඩා  සතුටින්  වැඩට  යන්න  පුලුවන් "  යයි  කියන අය ,  "දරුවන්  ටිකක්  කීකරු  කරගත  හැකි නම්   අපට  කොච්චර  සහනයක්ද? " යයි  කියන  දෙමාපියන්ද  සිටිති .      අපි  නිතරම  ඇසුරු  කරන  අයකු  හෝ  අපෙන්  පිටස්තර  අයකු  හෝ  වෙනස්  වීම  අපේක්ෂා   කරමු.  මෙම  අපේක්ෂාව   නිසා   අපේම   මානසික   වර්ධනය   නතරවන   බව   බොහෝ    දෙනා  වටහා   ගන්නේ   නැත.  අනුන්ගේ...

ලොවම සංගීතයෙන් සතුටු කරපු ලුවිස් ආම්ස්ට්‍රෝන්ග්

මේ පුංචි එකාගෙ තාත්ත මත්පැන් වලට ඇබ්බැහි වුණු කම්කරුවෙක්...බේබදු කම කම නිසාම රස්සාව අහිමි වුනු මනුස්සයෙක්.. පොඩි එකා ඉපදුනාට පස්සෙ තාත්ත තමංගෙ පවුල දාල යනව. අම්ම වීදි ගණිකාවක් බවට පත්වෙනව. මෙයාට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ කළු ජාතිකයන්ට වෙන්වුනු මුඩුක්කු නිවාස ප්‍රදේශයක. මේ කිට්ටුව ජීවත් වෙන ලිතුවේනියාවෙන් සංක්‍රමණය වුනු යුදෙව් පවුලක් මේ පොඩි එකාව දකින්නෙ කුනු බක්කියක් අවුස්සමින් ඉන්දැද්දි. අනුකම්පා හිතුනු ඒ ගෙදර නෝනා මෙයාව ගෙදර එක්කගෙන ඇවිත් නාවල පිරිසිඳු කරවල හොඳ කෑම වේලක් දෙනව. එදා ඉඳන් හැම දාම මේ ගෙදරට යන එන එක මේ පොඩි එකාගෙ පුරුද්දක්. කාත් එක්කත් හිනාවෙලා කතා කරන මේ ලමය ගෙදර කාගෙත් ආදරේ දිනාගන්නව. මේ ගෙදර මිනිස්සු සංගීතයට හරි කැමතියි... ඒ ගෙදර තිබුණු පියානෝ එකත් සැක්සෆෝන් එකත් වාදනය කරන්න මේ පොඩි එකා පුරුදු වෙනව. කෑම මේසෙන් පස්සෙ ගෙදර අය විනෝද වෙන්නෙ මෙයාගෙ කැඩිච්ච සංගීතයත් එක්කයි. එක් අවුරුද්දක නත්තල් දවසෙ හැමෝම ගිණි කෙලි එක්ක සතුටු වෙනව. වැඩි අවබෝධයක් නැති මේ පොඩි එකා එයාගෙ මාම කෙනෙක්ට අයිති ගිණි අවියක් හොයාගෙන ඒකෙන් අහසට වෙඩිල්ලක් තියන්නෙ සතුටු වෙන්න හිතාගෙන. ඔව් ..හිතුව හරි....

ප්‍රශ්න ? ප්‍රශ්න ?

ප්‍රශ්න! මම හිතුවා රටකින් රටකට පැන්නට පස්සේ ප්‍රශ්න ඉවර වෙයි කියලා. මිනිස්සු  හිතන්නේ එහෙමයි, ප්‍රශ්න වලින් පැනලා දුවන්න.ප්‍රශ්න වලින් පැනල දුවන්න දුවන්න ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන් නෑ. chef කෙනෙක් විදිහට training  වෙන කාලේ ඒක ආතල් කියලා ⁣හිතුවට ටික කාලයක් යද්දී මට ඒක පට්ට අමාරු වෙන්න පටන් ගත්තා.පැය හයක් විතර එක දිගට courses තුනක මීල්  හදනව කියන්නේ පට්ට අමාරු වැඩක් කියලා තේරෙන්න පටන් ගත්තා.මම රටවල් දහයක විතර head chef ල එක්ක වැඩට පලයන් කියලා සතියකට වරක් මගේ බොසා එක එක තැන් වලට යැව්වා, එහෙම යද්දී එක එක විදිහේ cooking style එකම මෙනු එකට දාන විවිධ head chef ලා මට හම්බ උනා. මාචි කියන්නේ ජැමෙයිකානු ජාතික chef කෙනෙක්, කල්ලෙක්.මාචි මම දැක්ක අනිත් chef ලා ගොඩකට වඩා පට්ට රැඩිකල් ඩයල් එකක්.kitchen එකක් කියන්නේ පීඩනය උපරීම වෙන, ප්‍රශ්න පිරිච්ච තැනක්.එහෙම තැනක මාචි මාර ලස්සනට ප්‍රශ්න එක්ක සෙල්ලම් කරනවා මම බලන් හිටියා. ප්‍රශ්න එක්ක ⁣සෙල්ලම් කරන මිනිස්සු ප්‍රශ්න ඇගට ගන්නෙත් නැතුව විසි කරන්නෙත් නැතුව ඒක එක්ක සෙල්ලම් කරනවා. මාචි උදේම එයාගේ පොඩි speaker එකෙන් සින්දුවක් play කර...

ලොවම දිනූ “මෙහෙකාරිය”

 “බේබි” කවදාවත් ආදරය දැක නැත. පුංචිම කාලේ ඇය දුටුවේ හැමදාමත් බීමත්ව ගෙදර පැමිණ අම්මාට වධ දෙන තාත්තාවය. ඒ වධ හිංසා ඉවසන්නට බැරි තැන අම්මා ගෙදර අත්හැර ගියාය. ඉන්පසු තාත්තාගේ ඊලග ගොදුර වූයේ, තවම වැඩිවිය පැමිණීවත් නැති “බේබි”ය. තාත්තා අතින් අතවරයට පත් වන විට බේබිගේ වයස අවුරුදු දහයක්වත් නැත. වයස අවුරුදු දොලහේදී තාත්තාගේ හිංසාවන්ගෙන් මිදෙන්නට බේබිට හැකි විය. ඒ තාත්තා ඇයව නාදුනන මිනිසෙකුට විවාහ කර දුන් නිසාය. ඇයව විවාහ කරගත් ආගන්තුක මිනිසා ඇගේ වයසට වඩා දෙගුණයකින් වැඩිමහල් විය. දරුවෙකු ලෙසින් දෙමාපියන්ගේ ආදරයක් අත් විද නැති බේබිට, බිරිදක ලෙසින් සැමියාගේ ආදරයක් ලැබුණේද නැත. ඒ විවාහ ජීවිතය තුළ ඇය දුටුවේ දූෂකයෙකු හා හිිංසකයෙකු මිසක ආදරණීය සැමියෙකු නොවේ. කොයි හැටි වෙතත්, අවුරුදු දොලහේදී බිරිදක වූ බේබි, අවුරුදු දහතුනේදී මවක වූවාය. තවත් වසර කිහිපයක් යද්දී ඇය තිදරු මවක බවට පත්ව උන්නාය. බිරිදක වුවත්, මවක වුවත් සතුටක් හෝ සැපක් නම් ඇගේ ජීවිතයට පෙනෙන තෙක් මානයක තිබුණේ නැත. ඇය දුප්පත් කමේ පතුලටම වැටී හැමදාමත් දුක් වින්දාය. ඒ මදිවාට දවස ගාණේම ගුටි බැට දෙමින්, හිංසා කරමින් සැමියාද ඇගේ ජීවිතය අපායක් බවට ...