අහල නැත්නම් මුලින්ම ගීතය රස විඳින්න. https://youtu.be/2D83YdOKM_E?si=rDO5p51OcvPVut0c ඉන්පසු පසුබිම කතාව මෙතනින්, පොළොන්නරුවේ ඉතාම දුරක ජීවත් වුන ජීවිතේට වත් නොදැකපු මනුස්සයෙක් අපේ හදවතට මේ තරම් සමීප කරන්න චරිතට වගේම නමක් ගමක් නොදන්න ඒ පින්තූරකරුවාට තියෙන්නේ පුදුම තරමේ දක්ෂතාවක්. අලි මිනිස් ගැටුම, කොන් තුනක හැංගිච්ච ජීවිත තුනක කඳුළු කතාව හදවතට වදින්න සලස්වපු මේ වගේ නිර්මාණ ලේසියෙන් බිහිවෙන්නේ නෑ. සිරිල් කියන්නේ පොළොන්නරුවේ ජීවත් වෙන අහිංසක ගොවියෙක්ට. සිරිල්ගේ බිරිඳ රංමැණිකා වකුගඩු ප්‍රශ්නෙකින් මියයනවා. පොළොන්නරුවේ ජීවත් වෙන ගොඩක් ජීවිත නැතිවෙන්නේ කිවුල සහිත වතුර බීලා වකුගඩු නරක් වෙලා. බිරිඳගේ මරණෙන් තුන්මාසෙකට පස්සේ දුව අධ්‍යාපනයට ගම හැරදාලා යනවා. දුව ඉගෙන ගන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයක ඉතින් සිරිල් තනිවෙනවා. හාමිනේ මියගිය දවසේ ඉඳන් ගේ ගාවට එන ඇතින්නිගේ නම රංමැණිකා. සිරිල්ගේ තනි නොතනියට වාගේ ගැවසෙන මේ ඇතින්නි සිරිල්ට දැනෙන්නේ හාමිනේගේ පුනරාගමනයක් විදිහට . මට හිතෙන විඳිහට මියගිය බිරිඳව රංමැණිකේ ඇතින්නිගේ රූපෙන් සිරිල් දකිනවා. "හවස් ...
හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ. සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි. කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි. ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ.. ✍Rasika