Skip to main content

ලොවම සංගීතයෙන් සතුටු කරපු ලුවිස් ආම්ස්ට්‍රෝන්ග්


මේ පුංචි එකාගෙ තාත්ත මත්පැන් වලට ඇබ්බැහි
වුණු කම්කරුවෙක්...බේබදු කම කම නිසාම රස්සාව අහිමි වුනු මනුස්සයෙක්..
පොඩි එකා ඉපදුනාට පස්සෙ තාත්ත තමංගෙ පවුල දාල යනව. අම්ම වීදි ගණිකාවක් බවට පත්වෙනව.
මෙයාට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ කළු ජාතිකයන්ට වෙන්වුනු මුඩුක්කු නිවාස ප්‍රදේශයක.
මේ කිට්ටුව ජීවත් වෙන ලිතුවේනියාවෙන් සංක්‍රමණය වුනු යුදෙව් පවුලක් මේ පොඩි එකාව දකින්නෙ කුනු බක්කියක් අවුස්සමින් ඉන්දැද්දි.
අනුකම්පා හිතුනු ඒ ගෙදර නෝනා මෙයාව ගෙදර එක්කගෙන ඇවිත් නාවල පිරිසිඳු කරවල හොඳ කෑම වේලක් දෙනව.
එදා ඉඳන් හැම දාම මේ ගෙදරට යන එන එක මේ පොඩි එකාගෙ පුරුද්දක්. කාත් එක්කත් හිනාවෙලා කතා කරන මේ ලමය ගෙදර කාගෙත් ආදරේ දිනාගන්නව.
මේ ගෙදර මිනිස්සු සංගීතයට හරි කැමතියි... ඒ ගෙදර තිබුණු පියානෝ එකත් සැක්සෆෝන් එකත් වාදනය කරන්න මේ පොඩි එකා පුරුදු වෙනව.
කෑම මේසෙන් පස්සෙ ගෙදර අය විනෝද වෙන්නෙ මෙයාගෙ කැඩිච්ච සංගීතයත් එක්කයි.
එක් අවුරුද්දක නත්තල් දවසෙ හැමෝම ගිණි කෙලි එක්ක සතුටු වෙනව. වැඩි අවබෝධයක් නැති මේ පොඩි එකා එයාගෙ මාම කෙනෙක්ට අයිති ගිණි අවියක් හොයාගෙන ඒකෙන් අහසට වෙඩිල්ලක් තියන්නෙ සතුටු වෙන්න හිතාගෙන.
ඔව් ..හිතුව හරි.. මෙයාට නතර වෙන්න වෙන්නෙ කළු ජාතික දරුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක.
මේ පුංචි හිරගෙදරදි මේ පොඩි එකාට පුළුවන් වෙනව සංගීතය පොඩ්ඩක් ඉගෙන ගන්න.
අහම්බෙන් මෙයා සැක්සෆෝනය වාදනය කරනව අහගෙන හිටපු මේ කඳවුරේ උපදේශකවරයෙක් පුදුම වෙනව.
ඒ නිසාමයි මේ කඳවුරේ එහෙමත් නැත්තං පුංචි හිර ගෙදර පැවැත්වෙන සංගීත පන්තියට සහභාගි වෙන්න මේ පොඩි එකාට අවස්ථාව ලැබෙන්නෙ.
අවුරුදු තුනක් හිර ගෙදර ඉඳල එලියට එන පුංචි එකාගෙ හීනය තමා ට්‍රම්පට් වාදකයෙක් වෙන එක. හැබැයි එහෙම එලියට එද්දි එයාව පිලිගන්න කිසිම කෙනෙක් නෑ.
ඒ වෙද්දි එයාට යන්තම් අවුරුදු පහලව ලැබුව විතරයි.
හෝටල් වල මුළුතැන්ගෙට අත් උදව් දීම.. අස්සයන්ට කෑම දීම හා පිරිසිඳු කිරීම..පත්තර විකිණීම වගේ පුංචි රැකියා කරමින් එකතු කරගත් මුදලින් එයා කරන්නෙ පරණ ට්‍රම්පට් එකක් මිළදී ගන්න එකයි.
මුළු දවසම මහන්සි වෙලා වැඩ කරල.. රෑ වෙද්දි .. නගරයේ කොනකට ගිහින් ට්‍රම්පට් එක වාදනය කරන්නෙ තනිකම ..දුක.. මහන්සිය නිවා ගන්න වගේම හිතේ කොණක හැංගිලා තියෙන හීනය හැබෑ කරගන්න හිතාගෙන වෙන්න ඕනෙ.
මේ සංගීතෙට කන් දුන්නු නිව් ඕර්ලියන්ස් නගරයේ බාර් හිමියෙක් මේ පොඩි එකාට ආරාධනා කරනව තමංගෙ අවන්හලේ මේ සංගීත ඛාන්ඩ කීපයක් වාදනය කරන්න.
මොකද අවුරුදු ගානක අත්දැකීම් ඇති මේ බාර් හිමිය සැකයක් නැතුව තේරුම් ගන්නව තමංගෙ අවන්හලේ වාදනය කරන වෘත්තීය වාදකයන්.. සංගීත ශිල්පීන්ට වඩා මේ ළමය අපූරුවට වැඩේ කරනව කියල.
ලැජ්ජාවෙන් වුනත් පොඩි එකා ආරාධනාව පිලිගන්නව.
තමන්ට තියෙන හොඳම ඇඳුමෙන් සැරසිලා හවස් වෙලා ට්‍රම්පට් එකත් අරන් මෙයා යනව බාර් එකට.
බියර්.. විස්කි එක්ක මත්වෙලා ඉන්න .. විනෝද වෙන හිනාවෙන මිනිස්සු මැද්දෙ පුංචි එකා හෙමින් සැරේ වේදිකාවට නගිනව.
මෙයාව දැක්ක බාර් එකේ මිනිස්සු හිනාවෙනව හූ කියනව..හේතුව මේ පොඩි එකෙක් විතරක් නෙවේ කවදාවත් දැකලත් නෑ.
බාර් හිමියට සිද්ධ වෙනව කීප සැරයක් වේදිකාවට නැගල මේ අයව සන්සුන් කරන්න.. විනාඩියක් කන් දෙන්න කියල බැගෑපත් වෙන්න.
පුංචි එකා වේදිකාව මැද්දෙ හිට ගන්නව... ඇස් පියාගෙන ට්‍රම්පට් එකට පන දෙනව....
මහා ඝෝශාවක් තිබ්බ බාර් එක එක මොහොතකින් නිහඬ වෙනව. කිසිම සද්දයක් නෑ.. හැම දෙනාම ගල් ගැහිල අහන් ඉන්නව මේ පුදුමාකාර සංගීතය.
සංගීත ඛාන්ඩෙ ඉවර වෙන්නෙ මහා අත්පුඩි සද්දයක්.. මේස වලට තඩි බෑමක්.. කෑගහල පුදුමය පලකරන සද්දෙත් එක්ක.
හැමෝම පුටුවලින් නැගිටින්නෙ ඉබේමයි.
ඒ 1917 අවුරුද්ද.. ඇමරිකා එකසත් ජනපදයේ නිව් ඕර්ලියන්ස්. New Orléans- United States
මේ තමයි ලෝකය මෙතෙක් බිහිකරපු විශිෂ්ඨතම ට්‍රම්පට් වාදන ශිල්පියා.. ඒ වගේම ජෑස් සංගීතයේ විශිෂ්ඨතමයා. ඒ විතරක් නෙමේ එයාගෙ ගැඹුරු කටහඬින් මුළු අමරිකාවම වසඟ කරපු ගායකයා.
මෙයාගෙ ජෑස් සංගීතයට අදත් තැන තැන අහෙනව.
ලුයිස් ආම්ස්ට්‍රෝන්. 1901 1971
Louis Daniel Armstrong
ලුවිස් ආම්ස්ට්‍රෝන්ගෙ ගේ What a Wonderful World සිංදුව අහල නැත්තං... මේ ඒ සිංදුව අහන්න අවස්ථාවයි. ඒ තරමට ඒ සිංදුව ලස්සනයි.
කාත් කවුරුවත් නැතිව තනියම හැදිල වැඩිල..කුණු බක්කි අවුස්සල බඩගින්න නිවාගෙන..කරුණාවන්ත පවුලක ආදරය පොඩි කාලෙකට ලබල .. හිර ගෙදරකින් සංගීතය පොඩ්ඩක් ඉගෙන ගෙන.. මුලු ලෝකයම සංගීතයෙන් සතුටු කරපු ලුවිස් ආම්ස්ට්‍රෝන්ග්. මේ සටහන නුඹ වෙනුවෙන් ♥️

✍ Su Fernando මහත්මිය.















Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...