Skip to main content

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි.

🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා

කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා. 

🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. එයට කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම, ආර්ථික තත්වය, හෝ වෙනත් කාරණා බලපාන්නේ නැහැ. සියදිවි නසා ගන්නේ කවුරුන්දැයි කල්තියා හඳුනා ගැනීම දුෂ්කර වුනත් බොහෝ විට එවැනි කෙනෙක් ඒ ගැන තමන්ගේ සමීපතමයකුට සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමට පෙර ඉඟි ලබා දෙනවා. 

🔴 සිය දිවි නසා ගැනීම ගැන කෙනෙකු ලබා දෙන ඉඟි මොනවාද? 

✅ විෂාදය (depression), කාංසාව (anxiety) වැනි තත්වයන් 

✅ කලකිරීම, බලාපොරොත්තු නැතිකම 

✅ තමන්ගේ අසමත්භාවය ගැන කිීම, හෝ 

✅මැරෙන්න හිතෙන බව කීම, 

✅ තනිව සිටීම, අනික් අයට කතා නොකිරීම වැනි ඕනෑම එකක් වන්නට පුළුවන්.  


🔴 සිය දිවි නසා ගැනීමට වැඩි අවධානමක් ඇත්තේ කාටද? 


✅ මෑත දී සම්බන්ධතාවයක් කැඩුනු අය,

✅ රැකියාවක තත්වය වෙනස් වුනු අය උදා-රැකියා අහිමි වූවන්, කලින් විශ්‍රාම ගැනීම, තනතුරෙන් පහළට වැටීම, හෝ වෙනත් එවැනි වෙනස්කම්, 

✅ කායික හෝ මානසික සෞඛ්‍ය තත්වයේ වෙනස්කම්, 

✅ විෂාදය සහ වෙනත් මානසික රෝග තත්ත්වයන් (ඇතැම් විට මේවා හඳුනා ගෙන නොතිබිය හැකියි)

✅ ඇල්කොහොල් හෝ වෙනත් මත්ද්‍රවය අවභාවිතා කිරීම- විශේෂයෙන්ම මෑතදී මත්ද්‍රව්‍ය ගැනීම වැඩි කළ වැඩි අවධානමකින් සිටිය හැකියි.  

✅ කලින් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ අය හෝ එවැනි අයගේ පවුල්වල අය, මෙයට බලපාන්නට පුළුවන්. වරක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ අයගෙන් 10%ක් පමණ නැවත සියදිවි නසා ගන්නා බව කියැවෙනවා. ඒ නිසා ඒ අයට විශේෂ අවදානමක් තිබෙනවා. 

✅ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන කාන්තාවන්, ළමුන් සහ අනෙකුත් අය 

✅ තවද සමාජය විසින් නොසළකා හරින, කොන් කරන හෝ අවමන් කරන ප්‍රජාවන්වල පුද්ගලයන් හෝ තනි පුද්ගලයන් බොහෝ විට අන් අයට වඩා සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ සම්භාවිතාව වැඩියි. සමකාමී ප්‍රජාවේ අය (LGBT පුද්ගලයින්), ආබාධ සහිත වූවන්, වයස්ගත වූවන්, ලිංගික අපයෝජනයට ලක් වූවන්, උග්‍ර ආර්ථික අපහසුතා ඇති අය, යුද්ධයක හෝ සන්නද්ධ අරගලයක නියුතුව සිටි අය, විශේෂ අනන්‍යතා ඇති පුද්ගලයින්, නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් යනාදී ලෙස ගන්නට පුළුවන්. 


මෙය මෙසේ දැක්වූවද, මෙවැනි ප්‍රජාවන්ට අමතරව ඕනෑම ප්‍රජාවක, ඕනෑම පුද්ගලයෙකු තමන්ට බලපාන පුද්ගලික කරුණු මත අධික මානසික පීඩනය හේතුවෙන් සිය දිවි නසා ගැනීමට තැත් කරන්නට පුළුවන්.   

පොලිසියට, ආපදා තත්වවලදී හදිසි ප්‍රතිචාරවල නියුතු පුද්ගලයන්ට සහ සාමාන්‍ය ජනතාවට සියදිවි නසා ගැනීමට යතැයි සිතෙන අය සම්බන්ධයෙන් ඉතා වැදගත්, අනන්‍ය භූමිකාවක් ඉටු කරන්නට පුළුවන්.    


🔴 සියදිවි නසා ගැනීම් වලක්වා ගැනීමට කළ හැක්කේ කුමක්ද? 


✅ සියදිවි නසා ගැනීමට ප්‍රවනතාවයක් ඇති සියලු සිදුවීම් මානසික සෞඛ්‍ය ප්‍රතිචාර (මනෝ උපදේශණය හෝ ප්‍රතිකාර) සඳහා යොමු කරන්න. ඔවුන් යම් කෙනෙකුගේ අවධානය ලබා ගැනීමට, අනික් අය රැවටීමට කරන උත්සාහයක් ලෙස සිතා කිසිම අවස්ථාවක් එසේ නොකර සිටින්නට එපා. (මනෝ උපදේශණ සේවා දුරකථන අංක ලිපියේ පහළින්) 

      

✅ කෙනෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කළ හෝ කරන විටකදී, කඩිනමින් කටයුතු කිරීම අවශ්‍ය වේ. ඇතැම් විට පුද්ගලයා බේරා ගැනීම, ප්‍රථමාධාර ලබා දීම ආදිය මෙයට අයිති විය හැකිය. එහෙත් එහි දී ඔබේ ආරක්ෂාව සහ සිටින අනෙකුත් අයගේ ආරක්ෂාව තහවුරු කර ගන්න. 

      

✅ සියදිවි නසා ගැනීමට ප්‍රවනතාවයක් ඇති කෙනෙකුට කතා කිරීමේ දී, කෙනෙකු බිය වන ආකාරයට වට කර ගන්නට එපා. භෞතික ඉඩ කඩ ලබා දෙන්න. පුද්ගලයාට ඕනෑවට වඩා කිට්ටු වන්නට එපා. කඩිනමින් පුද්ගලයා වෙත යෑම, කිට්ටු වීම, ස්පර්ශ කිරීම, නොදන්නා අය හඳුන්වා දීම බොහෝ විට වැරැදි ලෙස තේරුම් ගන්නට පුළුවන් . ඒ නිසා හැකි තාක් එසේ නොකරන්න. හදිසි අවස්ථාවක් නොවේ නම්, හැකිතාක් දුරට විවේකීව අදාළ පුද්ගලයා සමග කතා කරන්න.  

      

✅ අදාළ පුද්ගලයාට පිළිගැනීම ලබා දෙන බවත් සහ සැළකිල්ලක් දක්වන බවත්, තේරුම් ගන්නා බවත් දැනෙන ආකාරයට කටයුතු කරන්න.

      

✅ අනුශාසනා ලබා දීම, වාද කිරීම, ප්‍රශ්න විසඳීමට යාම, අවවාද ලබා දීම, හෝ "ඒ ගැන අමතක කරන්න" වැනි දෑ කීමෙන් වළකින්න. 

       

✅ කතා කිරීමේ දී එම පුද්ගලයා සම්බන්ධ කර ගන්න. ඔබට වඩා ඔහුට/ඇයට කතා කිරීමට ඉඩ දෙන්න. විවෘත ප්‍රශ්න අසන්න. විනිශ්චය කරන ප්‍රකාශ කිරීමෙන් වළකින්න. බොහෝ සියදිවි නසා ගැනීමේ හැඟීම් ඇති පුද්ගලයන්ට මරණයට පත් වීම ගැන හෝ නොවීම ගැන අපහැදිලි අදහස් තිබෙන්නට පුළුවන්. එවිට ඔවුන් සමඟ සියදිවි නසා ගැනීමට ඇති අදහස ගැන කතා කරන්නට පුළුවන්. ඒ ගැන කතා කිරීම නිසාම ඒ අය එය ක්‍රියාත්මක කිරීමට තවදුරටත් පෙළඹෙන්නේ නැහැ. එය ඔවුනට සහනයක් සහ විසඳුමක් ලබා ගැනීමට ආරම්භයක් වෙනවා. ඒ ගැන ඔවුනට සියදිවි නසා ගැනීමට කිසියම් අදහසක් සහ නිශ්චිත සැලසුමක්, මැරෙන ක්‍රමයට ප්‍රවේශ වීමේ ආකාරයක් සහ කවදා එය ක්‍රියාත්මක කිරීමට යන්නේ දැයි විමසා බලන්න. එවැනි නිශ්චිත අදහස් තිබේ නම් ඔවුනට සියදිවි නසා ගැනීමේ වැඩි අවදානමක් තියෙනවා.  

      

✅ අදාළ පුද්ගලයාට මැරෙන ක්‍රමයට ඇති ප්‍රවේශය විශේෂයෙන්ම ගිනි අවි, වස සහ විශාල ප්‍රමාණවලින් ගන්නා බෙහෙත් ආදියට ඇති ප්‍රවේශ ඉවත් කරන්න. 

      

✅ කඩිනමින් සහ නිසි ආකාරයෙන් වහා මානසික සෞඛ්‍ය රැකවරණය ලබා දුන්නොත් සියදිවි නසා ගැනීම් වළක්වා ගන්නට පුළුවන්. වහා එම පුද්ගලයා රෝහලකට හෝ මනෝ වෛද්‍යවරයකු වෙත නිසි මනෝවෛද්‍ය විද්‍යාත්මක ඇගයීමකට හෝ ප්‍රතිකාර සඳහා ලක් කිරීමට යොමු කරන්න. බොහෝ දෙනෙක් සියදිවි නසා ගැනීම කරනවාද නැද්ද යන්න ගැන අපැහැදිලි බැවින් මෙලෙස කටයුතු කිරීමට එකඟ වෙනවා.

      

✅ සියදිවි නසා ගැනීමට ඉඩ ඇති පුද්ගලයෙක් තනියෙන් වෛද්‍යවරයකු හෝ රෝහල වෙත යැවීම කරන්න එපා. පවුලේ කෙනෙකු, වගකීමක් ගත හැකි පුද්ගලයෙක් හෝ ඉතා සමීප අයෙක් සමඟ එහි යන බවත් සහතික කර ගන්න. (හැබැයි එම පුද්ගලයා තවදුරටත් සියදිවි නසා ගැනීමට යන පුද්ගලයා මානසික පීඩනයට ලක් කරන පුද්ගලයකු නොවිය යුතුයි)

⏺ මූලාශ්‍ර -

▶️ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය "Preventing Suicide: A resource book for police, firefighters, and other first line responders" https://www.who.int/mental_health/prevention/suicide/resource_firstresponders.pdf

උපුටා ගැනීම:දේදුනු සංවාද

Comments

Popular posts from this blog

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...