ප්‍රශ්න! මම හිතුවා රටකින් රටකට පැන්නට පස්සේ ප්‍රශ්න ඉවර වෙයි කියලා. මිනිස්සු හිතන්නේ එහෙමයි, ප්‍රශ්න වලින් පැනලා දුවන්න.ප්‍රශ්න වලින් පැනල දුවන්න දුවන්න ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන් නෑ. chef කෙනෙක් විදිහට training වෙන කාලේ ඒක ආතල් කියලා හිතුවට ටික කාලයක් යද්දී මට ඒක පට්ට අමාරු වෙන්න පටන් ගත්තා.පැය හයක් විතර එක දිගට courses තුනක මීල් හදනව කියන්නේ පට්ට අමාරු වැඩක් කියලා තේරෙන්න පටන් ගත්තා.මම රටවල් දහයක විතර head chef ල එක්ක වැඩට පලයන් කියලා සතියකට වරක් මගේ බොසා එක එක තැන් වලට යැව්වා, එහෙම යද්දී එක එක විදිහේ cooking style එකම මෙනු එකට දාන විවිධ head chef ලා මට හම්බ උනා. මාචි කියන්නේ ජැමෙයිකානු ජාතික chef කෙනෙක්, කල්ලෙක්.මාචි මම දැක්ක අනිත් chef ලා ගොඩකට වඩා පට්ට රැඩිකල් ඩයල් එකක්.kitchen එකක් කියන්නේ පීඩනය උපරීම වෙන, ප්‍රශ්න පිරිච්ච තැනක්.එහෙම තැනක මාචි මාර ලස්සනට ප්‍රශ්න එක්ක සෙල්ලම් කරනවා මම බලන් හිටියා. ප්‍රශ්න එක්ක සෙල්ලම් කරන මිනිස්සු ප්‍රශ්න ඇගට ගන්නෙත් නැතුව විසි කරන්නෙත් නැතුව ඒක එක්ක සෙල්ලම් කරනවා. මාචි උදේම එයාගේ පොඩි speaker එකෙන් සින්දුවක් play කර...
රිසි සිත එහෙම නැත්නම් සිත කැමති ඕනෑම දෙයක් මෙහි පලවේ.