Skip to main content

Posts

Showing posts from April, 2023

පාපැදියකින් රටවල් 8ක් හරහාගිය පෙම්වතා

 ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන්දුවක් දුන්නේය. එම පොරොන්දුව වූයේ කෙසේ හෝ ඇය හමුවන්නට ස්වීඩනයට පැමිණෙන බවකි. කාලය කෙමෙන් ගෙවී ගියේය. තරුණයාට ස්වීඩනයට යාමට මුදල් නොවීය. එහෙත් තම පොරොන්දුව අමතක නොකළ ඔහු කෙසේ හෝ ඇය දකින්නට යන්නෙමියි අදිටන් කර ගත්තේය. ගුවන් මගින් යාමට නොහැකි හෙයින් ඔහු පාපැදියක් මිලට ගෙන එහි නැඟී රටවල් අටක් ඔස්සේ ඉන්දියාවේ සිට ස්වීඩනය බලා ගියේ තම පොරොන්දුව ඉටුකිරීම සඳහාය. තරුණිය චාලට් වොන් ස්ලෙඞ්වින්ය. තරුණයා ප්‍රදියුම්නා කුමාර් මහනන්දියාය. මේ ඔවුන්ගේ කතාවයි. 1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය. චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමට දිළිඳුකම බාධාවක් විය. ඔරියා නම් කුලයේ උපත ලද හෙයින් උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ කතා කළ සැම විටකම පාහේ කුලවතුන්ගේ සමච්චලයට ඔහු බඳුන් විය. එහෙත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් පෙළුණු කුමාර් 1971දී නවදිල්ලියට පැමිණියේ කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබන්...

Choice එක

 හද්දා පිටිසර මායිම් ගමක බඩ පැලෙනකම් කොස් පොලොස් කකා ඉඳලා ඒ ජීවිතේ එපාවටම එපා වෙලා හැම් බේකන් කන්න හිතාගෙන පට්ට ට්‍රයි එකක් දීලා බෝට්ටුවකින් හරි සැපරටකට පැනගන්න සමහරු ,එහෙ ගිහින් මාසයක් යද්දී හැම් බේකන් එපා වෙලා ආයෙත් කොස් පොළොස් මතක් කර කර දුක් විඳිනවා. තරු පහේ හෝටල් අයිතිකාරයෝ බිස්නස් ප්‍රෙෂර් එක වැඩිවෙලා , මානසික පීඩනය අඩු කරගන්න පිටිසර ගමකට ගිහින් සැනසිල්ලේ හුලන් පොදක් විඳගන්න හීන දකිනකොට , ඒ ගමේ උන් ජීවිතේ එක සැරයක් හරි තරුපහේ හෝටලේකින් කන්න හීන මව මව දුක් විඳිනවා. කෙනෙක් තමන්ට ළමයි නෑ , එතනින් එහාට ජීවිතයක් නෑ කියල විඳවනකොට තවත් කෙනෙක් දරුවන් නිසා අනන්ත පීඩාවන්ට ලක්වෙනවා..... තවත් කෙනෙක් අනවශ්‍ය වෙලාවට බඩට ආපු දරුව නිසා අනාගතේ විනාශ උනා කියල දුක් වෙනවා. කෙනෙක් ඇඟේ මස් කලඳක් නැහැ කියලා හූල්ලනකොට , තව කෙනෙක් බර රාත්තලකින් අඩු කරගන්න බැරුව විඳවනවා. සමහරු වැඩට මිනිස්සු හොයාගන්න බැරුව කල්පනා කරනකොට , තවත් සමහරු කරන්න වැඩක් නැතුව තෝන්තුවෙන් ඉන්නවා. වෙලාවකට මිනිස්සු කියන්නේ මහා අමුතුම ජාතියක් උන්ට ඕන දෙයක් වටින්නෙ එක්කො ලැබෙන්න කලින් , එහෙම නැත්තන් නැති වෙලා ගියාට පස්ස...

වීසා නොමැතිව විදෙස් රටක සිටීම කෙතරම් භයානකද?

  ජපානයේ රැඳවුම් මධ්‍යස්තානයකදී ලංකාවේ විශ්මා සඳමාලි වතුර උගුරක්, බෙහෙත් ටිකක්වත් නැතුව අති අමානුෂික ලෙස මිය යන්නට ඉඩහළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව මෙය ලියා තබන්නට සිතුනා.  මම 2013 ඔක්තෝබර් මාසයේ මැලේසියාවට යනවා ඉගෙන ගන්න. එහෙම ඉද්දී නොවැම්බර් මාසයේ ෆේස්බුක් පෝස්ට් එකක් දකිනවා කුස් ප්‍රනාන්දු විසින් පළකෙරුණු. කුසා හොයනවා මැලේසියාවේ ඉන්න කෙනෙක්, යම් පේමන්ට් එකක් කරන්න. ඒ පෝස්ට් එකට චමල්ක අල්විස් මාව ටැග් කරනවා. ඒ නිසා මම කුසාට මැසේජ් කරලා ඒ ගැන අහනවා. ඒක නිකන් බැංකුවට කරන පේමන්ට් එකක් නෙමේ. මැලේසියාවේ ඕවර්ස්ටේ ඉඳපු කෙනෙක් ඒකෙන් ගලවාගන්න එයා ඉන්න රැඳවුම් මධ්‍යස්ථානයට ගිහින් කරන්න ඕන පේමන්ට් එකක්. ඒක බැංකු වලට ගෙවන්න බෑ. අදාළ රැඳවුම් මධ්‍යස්තානේ එඩ්රස් එක සර්ච් කළාම මගේ විශ්වවිද්‍යාලය පිහිටි තැන ඉඳන් දවසින් ගිහින් එන්න පුළුවන් දුරක තියන එකක්.  මම එවෙලේ ඒක එතැන හිටපු මගේ නයිජීරියන් යාලුවා නුරාදීන් ට පෙන්වල යමුද අහනවා. එදා උදේ අපට ස්කොලර්ෂිප් ස්ටයිපන්ඩ් ලැබිලා අතේ සල්ලිත් තියනවා. ඉතින් කුසා සල්ලි දානකන් පරක්කු වෙන්න අවශ්‍යත් නෑ. නුරා "හා" කියල කිව්වා නිසා එහෙමම පිටවෙනවා ඒ ග...

විශේෂ අයකු වන්න...

යම් අංශයකින් දක්ෂ අයකුට දෙවියන් යයි කියමින් වැඳීම හා පිදීම පැරණි අයගේ සිරිත විය. එසේම බිහිසුණු අපරාධකළ අය ඈත අතීතයේදී හැඳින්වුයේ යක්ෂයින් ලෙසටය. හොඳ හෝ නරක දෙයකට දක්ෂවූ පලියට හෝ බිය නැතිවූ තරමට එම පුද්ගලයාට වැඳීම පිදීම අද සිටින මිනිසා නොකරයි. අප අතර සිටින වීරයන් හා වීරවරියන් මනුෂ්‍යන් මිස භූත හෝ දේව ආත්මයන් නොවේ. ඔවුනට දේව හෝ භූත ආරූඪයන්ද නැත. එහෙත් අපට වඩා ඒ අය බැබලෙන්නේ මන්ද? අප ඒ අයට වඩා ගතිගුණ හෝ මොළය පාවිච්චි කරන විදියෙන් පහත් තත්වයක සිටින බැවිනි. අපේ හිස්බව අප තේරුම් ගන්නේ නැත. අපි නිතරම බලන්නේ අපට වඩා උසස් අය තුළ ඇති හිස්බව පමණකි. එක අරමුණක් හා ඒ අරමුණ සාර්ථක කරගැනීමට අවශ්‍ය අධිෂ්ඨානය ඇති අයකු සාමාන්‍ය හිස් අය අතර කැපී පෙනෙන විශේෂ අයෙකි. එවැනි අයකු තුළ මිනිස් ගුණ ධර්ම අඩු විය හැකිය. ඔබ සිතා සිටින අන්දමේ ගුණ දහම් පුරන්නෙකු නොවන එම පුද්ගලයා තුළ ඇති සුවිශේෂ ගුණය ඔබ ළඟ නැත. එහෙත් ඔබ එය පිළිගැනීමට සුදානම් නැත. ඔබට අරමුණක් තිබුණි. දැන් එය වෙන අතකට යොමුවී ඇත. ඉදිරිකාලය තුළ එය තව දහදොළොස් වතාවක් වෙනත් අරමුණු වලට මාරුවිය හැකිය. එසේ නම් ඔබට අරමුණක් තිබී නැත. අරමුණක් වෙනස් වන්නේ ඉෂ්ඨවීමෙන්...