Skip to main content

වීසා නොමැතිව විදෙස් රටක සිටීම කෙතරම් භයානකද?

 


ජපානයේ රැඳවුම් මධ්‍යස්තානයකදී ලංකාවේ විශ්මා සඳමාලි වතුර උගුරක්, බෙහෙත් ටිකක්වත් නැතුව අති අමානුෂික ලෙස මිය යන්නට ඉඩහළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව මෙය ලියා තබන්නට සිතුනා. 

මම 2013 ඔක්තෝබර් මාසයේ මැලේසියාවට යනවා ඉගෙන ගන්න. එහෙම ඉද්දී නොවැම්බර් මාසයේ ෆේස්බුක් පෝස්ට් එකක් දකිනවා කුස් ප්‍රනාන්දු විසින් පළකෙරුණු. කුසා හොයනවා මැලේසියාවේ ඉන්න කෙනෙක්, යම් පේමන්ට් එකක් කරන්න. ඒ පෝස්ට් එකට චමල්ක අල්විස් මාව ටැග් කරනවා. ඒ නිසා මම කුසාට මැසේජ් කරලා ඒ ගැන අහනවා. ඒක නිකන් බැංකුවට කරන පේමන්ට් එකක් නෙමේ. මැලේසියාවේ ඕවර්ස්ටේ ඉඳපු කෙනෙක් ඒකෙන් ගලවාගන්න එයා ඉන්න රැඳවුම් මධ්‍යස්ථානයට ගිහින් කරන්න ඕන පේමන්ට් එකක්. ඒක බැංකු වලට ගෙවන්න බෑ. අදාළ රැඳවුම් මධ්‍යස්තානේ එඩ්රස් එක සර්ච් කළාම මගේ විශ්වවිද්‍යාලය පිහිටි තැන ඉඳන් දවසින් ගිහින් එන්න පුළුවන් දුරක තියන එකක්. 

මම එවෙලේ ඒක එතැන හිටපු මගේ නයිජීරියන් යාලුවා නුරාදීන් ට පෙන්වල යමුද අහනවා. එදා උදේ අපට ස්කොලර්ෂිප් ස්ටයිපන්ඩ් ලැබිලා අතේ සල්ලිත් තියනවා. ඉතින් කුසා සල්ලි දානකන් පරක්කු වෙන්න අවශ්‍යත් නෑ. නුරා "හා" කියල කිව්වා නිසා එහෙමම පිටවෙනවා ඒ ගමන යන්න. අපි හවස තුනට විතර අදාළ රැඳවුම් මධ්‍යස්තානෙට ලඟා වෙනවා. නමුත් වැඩේ කේස් ! ඒකෙ රැඳවියෝ බලන් දෙන්නේ දෙකහමාර වෙනකල් විතරයි. කොහොමහරි කැම්පස් අයි ඩී පෙන්නලා ලොක්කට කතා කරන්න ඕන කියල ඇතුළට යනවා, මම විතරක්. 

ඒකෙ ගේට්ටුවෙන් ඇතුළට යද්දී අර වහල් සේවය පැවතුනු කාලේ මිනිස්සුන්ට දම්වැල් දාල තියනවා වගේ කකුළට දම්වැල් දාල එක අතක් තවත් මිනිහෙකුට යා කරලා මාංචු දාල ගෑනු මිනිස්සු වාඩි කරලා ඉන්නවා එළිමහනේ ටෙන්ට් එකක් යට. මිනිස්සු සිය ගණනක්. සත්තු වගේ. හැබැයි සීරුවට දෙන්න දෙන්න පෙළට වාඩි කරවලා බිම. මේ මැලේසියාවේ පෙරාක් ප්‍රාන්තය. පට්ට රස්නෙයි ඒ කාලේ. අර තහඩු ගහපු එළිමහන් ටෙන්ට් එකට අමතරව තව බිල්ඩින් ගොඩක් තියනවා ඒ වත්තේ. රැඳවුම් මැදිරි වෙන්නැති. ඒවා ඔක්කොටම තහඩු වහළ තිබ්බේ. මම අර එළිමහන් ටෙන්ට් එකේ මිනිස්සු අස්සෙන් ගිහින් කඳවුරේ නිලධාරියෙක් හමුවුණා. මිනිහා මැලේසියන් ටැමිල්. අපට හුරු පෙනුම තියන අපි වගේ කොල්ලෙක්. ඌ ඉමිග්රේෂන් එකේ නයනජිත් අතපත්තු වගේ කෙනෙක්. මිනිහට විස්තරේ කීවාම පැය බාගයකට විතර පස්සේ කුසා කියපු හාදයා එක්කන් ආවා. මට ඌ ගැන විස්තර කරන්න වචන නෑ. පොඩි කැහැටු ශරීරයක් තියන අහිංසක කොල්ලෙක්. ඌ අඬනවා. මට එතැන ඒක බලන් ඉන්න බැරි තරමයි. මම මිනිහට කීවා මම ආවේ සල්ලි ගෙවල එයාව රිලීස් කරන වැඩේ කරන්නය කියල. 

මැලේසියන් රිංගිට් හයසිය පනහක් ගෙවන්න ඕන වුනා. ඒ හැර ලියකියවිලි වලට අස්සන් කරන්න ඕන බාරකාරය හැටියට. මෑන් එයාර්පෝර්ට් එකේදී මිසින් වුනොත් මට ඌ වෙනුවට ඇතුළට යන්න වෙයි කියල ඉමි ඔෆිසර් කියනවා. කමක් නෑ කියල අස්සන් කළා. ඒ ලියකියවිලි ඊළඟ සතියේ ඉමිග්රේෂන් ඔෆිස් යවලා අධිකරණ නියෝග අරන්, ඊට පස්සේ තියන ලඟම එයාර් ඒෂියා ෆ්ලයිට් එකෙන් මිනිහ ගෙදර යවනවා කීවා. ඉතිං මම යන්න නැගිට්ටා ඔස්කාර් ශින්ඩ්ලර් වගේ මානුෂිය හැඟීමෙන් බඩ පුරවන්. ඒ අස්සේ අර කොල්ලා කියනවා "මිස් අනික් යටත් කතා කරලා යන්න" ලු. හුටා, තව අය ඉන්නවද? මම හිතුවේ මෙයා විතරයි කියල. ඉමි ඔෆිසර් මිනිහගේ ඔලුව උඩ තිබ්බ ලොකු වයිට් බෝර්ඩ් එක පෙන්වනවා. ලංකාවේ විසිහයයි. නයිජීරියා එකසිය අසූවක් ද කොහෙද. පාකිස්තාන්...ලෝකේ අපි වගේ ඉන්න ඔක්කොම රටවල මිනිස්සු එතන දුක් විඳිනවා. 

මම අර මිනිස් මඩුවට ගියාට පස්සේ අපේ අයව එක්කන් ආවා. අර විසි හය අතරේ ගැහැණු දෙන්නෙකුත් ඉන්නවා. එයාල අහනවා "ඇයි ඔයා අපට උදව් කරන්නේ කියල?"

එක කෙල්ලෙක් මට ලඟට එන්න කියල ඇහෙන් සන් කරනවා. ගියාට පස්සේ කියනවා "අක්කේ මට බබෙක් ලැබෙන්න ඉන්නවා. මගේ හස්බන්ඩ් නුත් මෙතනම ඉන්නවා" කියල. එතනට ඇවිල්ල මාස දෙකලු. අත්අඩංගුවට ගද්දි ප්‍රෙග්නන්ට් බව කිව්වේ නෑ ලු. එහෙම කිව්වොත් තව කරදරලු.මම එතන ලොකු අපහසුතාවයකට පත්වුනා. මොනවාද ඕන කියල ඇහුවාම ගෙවල් වලට කෝල් කරන්නයි, බොන්න අයිස් බීම අරන් දෙන්නයි කියල ඉල්ලුවේ. 

මගේ තිබ්බේ කාඩ් දාන කනෙක්ෂන් එකක්. කාර්ඩ් එක ඉවරවෙනකල් කතා කරන්න ෆෝන් එක දුන්නා. ෂොපින් බෑග් වල දාල එතන බීම දෙන්නේ. ඒවත් දුන්නා. ළඟපාතක කිසි කඩයක් නෑ. නමුත් අපි පාවිච්චි කළ ඇඳුම් තියන කඩේකින් ගැහැණු පිරිමි ඇඳුන් ටිකකුත් අරන් ආයේ ගිහින් දුන්න ඉමි ඔෆිසර්ට. 

ආයේ ගෙදර විත් මේ විස්තරේ කුසාලට ෆෝන් කරලා කිව්වා. කුසා ෆේස්බුක් පෝස්ට් කීපයකුත් දැම්මා. අනික් අය බේරාගන් කියලා මගේ හිතවතෙක් රිංගිට් 1500 ක් ඒ මොහොතේම එව්වා. තව අය සල්ලි දෙන්න කතා කලත්, එහෙම සල්ලි අරන් මේ වැඩේ මට කරන්න බෑ කියන තැන මම හිටියේ. මොකෝ නොදන්නා අය සමඟ කරන ඒ මුදල් ඩොනේෂන්  වාතයි. කුසා එයාගේ හිතවතා වෙනුවෙන් මම වියදන් කරපු මුදල මට එවල තිබ්බා. ඉතින් අපට තව තුන් දෙනෙක් බේරගන්න සල්ලි තිබුනා. කවුද මුලින් යවන්නේ කියල හිතද්දී අර ප්‍රෙග්නන්ට් ළමයා තමයි මුලට ආවේ.

මමයි නුරයි ඊළඟ සතියෙත් එහෙ ගියා. තුන් දෙනෙක්ට සල්ලි බැන්දා.අනෙක් අයට කන්න බොන් බඩු ගත්තා. සති කීපයකින් ඒ තුන් දෙනාත් ලංකාවට ගියා.

ඔය අතර මට මෙහෙම දේවල් වුණා. රැඳවියන් බේරාගැනීමත් බිස්නස් එකක්ලු. ඒ බිස්නස් එක කරන මිනිස්සු ඉන්නවා. රිංගිට් 650 වෙනුවට ඒ වගේ දෙතුන් ගුණයක් ලංකාවේ අයගෙන් අරගෙන ඒක කරන්නේ. ඒක කරන ගෑණු කෙනෙක් මට කතා කරලා බිස්නස් එකට බහිනවද ඇහුවා?

ලංකාවට ගිය ප්‍රෙග්නන්ට් ගෑනු ළමයා එදාම මට කතා කරලා කිව්වා හස්බන්ඩ් ගේ තාත්තා මළාය. අනේ තාත්තගේ අවසන් මොහොත දකින්න එයාව ගෙන්නලා දෙන්නය කියල. කුසා ඒ කිව්ව ලිපිනයට ඊළඟ දවසේ ගියාම මළගෙයක් නෙමේ, ගෙයක්වත් එතැන නෑ කිව්වා. 

මම නිතර ඩිටෙන්ෂන් කෑම්ප් එකට යාම ඒකෙ නිලධාරීන්ට සැකයක් ඇති කළා. ඉගෙන ගන්න නිවාඩු දාල ආවට මම ඒ වනවිටත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන කෙනෙක්. ඔය කාලේ මම තායිලන්තේ යන්න මැලේසියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් බස් එකක ගියා. බෝඩර් ක්‍රොස් කරන තැන දී පැය තුනක් විතර මාව තියාගෙන ප්‍රශ්න කළා. බලද්දී එදා එතන ඩියුටි ඉන්නවා අර කෑම්ප් එකේ ඉමි ඔෆිසර්. මම නිකන් ස්මග්ලින් ලොකු පොරක් වගේ උන්ට ඒත්තු ගිහින් තිබ්බා. මොකෝ මැලේසියාව සහ තායිලන්තය හරහා බඩු පන්නන්නනේ ඔය ගොඩබිම් බෝඩරෙන්. 

ඔයා ලංකාවේ 26 ක් බේරාගන්න හදනවා. මගේ එවුන් 180 ක් එතන ඉන්නවා. මම මුකුත් නොකර ඉන්නවා. මට ආයේ එන්න බෑ කියල නුරා කිව්ව. 

ඒනිසා ආයේ එහෙ ගියේ නෑ.

අපි එතනින් බේරාගත්තේ හතර දෙනයි. කී දෙනෙක් මළාද? කී දෙනෙක් මරණීය දුක වින්දාද දන්නේ නෑ. පණ තියන කිසිම මිනිහෙකුට ඉන්න සුදුසු තැනක් නෙමේ ඒ. මොන වරද කළත් පණ තියන එකාට, පණ තියන එකෙකුට හිමි සැළකුම් ඕනා.

 මේ වගේ තුච්ච විදියට රැඳවියන්ට සලකන රටවල් සෑහෙන්න තියනවා. ඒවායේ තියන ශ්‍රී ලංකා මහකොමසාරිස් සහ තානාපති කාර්යාල නඩත්තු කරන්න රටක් විදියට අපි සැලකිය යුතු වියදමක් කරනවා. උන් අප්‍රේල් වලට පාට පාට බතික් ඇඳන් බක්මාසේ මංගල්ලේ කියකියා වළලෙනවා මම දකිනවා. වෙසක් එකට බකට් පත්තු කරන් නටනවා. නන්දා හෝ එඩ්වර්ඩ්, නැත්තන් අනුරාධිගේ ෂෝ එකක් කරනවා අතරින් පතර. 

එච්චරයි !

උපුටා ගැනීම - නදීෂා චන්ද්‍රසේන

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...