මුලින්ම කළේ පෙව්මන්ට් එකේ කපුරු බෝල විකිණීමයි... දියුණුවට පාර හැදුනෙ පීරිසි කෝප්ප විකිණීමෙන්... රෙදිපිළි විකුණා සේවකයින් පන්දහසකගෙ හාම්පුතා වුණා... ඒ ඩියුරෝ නාමයේ අයිතිකරුය. වෙනත් නමකින් කිවහොත් දාස මුදලාලිය. 60-70 දශකයේ දාස මුදලාලි යෑයි කී සැණින් මුළු ලංකාවම දැන හැඳිනගෙන සිටි දාස මුදලාලි එක් යුගයක ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මරණය අමතක කළ නොහැකි මරණයක් වන්නේ එබැවිනි. හඳට ගියොත් හඳෙත් කිරි පැණි කඩයක් තිබේ යෑයි එය මාතර මුදලාලි කෙනෙකුගේ යෑයිද කතාවක් තිබේ. එයින් අදහස් වන්නේ මාතර මිනිස්‌සු ශූර ව්‍යාපාරිකයන් බවය. දකුණෙන් බිහිවූ මැලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, පී. ජී. මාටින් වැනි ව්‍යාපාරික යෝධ පුරුක් අතරට මාතර තලල්ලේ උපන් දාස මුදලාලිත් එක් වන්නේ ඒ අයුරිනි. ගුණදාස උපන්නේ තලල්ල ගමේ සාමාන්‍ය පවුලකය. පවුලේ සාමාන්‍ය බව කිවහොත් ඔහුගේ මව පවුලේ යෑපුමට කොහු ලණු ඇඹරූ බවද කියයි. පියා ගොවියෙකි. ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනක්‌ද එක් සහෝදරියක්‌ද විය. තරුණ විය ලබන්නටත් පෙරම ඒ සහෝදරයෝ කොළඹට පැමිණ සිටියහ. අවුරුදු පහ ලබන විට දාස ළමයා කොළඹ සිටින අයියලා සොයා ආවේ ගමේ ඉඳල න...
රිසි සිත එහෙම නැත්නම් සිත කැමති ඕනෑම දෙයක් මෙහි පලවේ.