හද්දා පිටිසර මායිම් ගමක බඩ පැලෙනකම් කොස් පොලොස් කකා ඉඳලා ඒ ජීවිතේ එපාවටම එපා වෙලා හැම් බේකන් කන්න හිතාගෙන පට්ට ට්‍රයි එකක් දීලා බෝට්ටුවකින් හරි සැපරටකට පැනගන්න සමහරු ,එහෙ ගිහින් මාසයක් යද්දී හැම් බේකන් එපා වෙලා ආයෙත් කොස් පොළොස් මතක් කර කර දුක් විඳිනවා.
තරු පහේ හෝටල් අයිතිකාරයෝ බිස්නස් ප්‍රෙෂර් එක වැඩිවෙලා , මානසික පීඩනය අඩු කරගන්න පිටිසර ගමකට ගිහින් සැනසිල්ලේ හුලන් පොදක් විඳගන්න හීන දකිනකොට , ඒ ගමේ උන් ජීවිතේ එක සැරයක් හරි තරුපහේ හෝටලේකින් කන්න හීන මව මව දුක් විඳිනවා.
කෙනෙක් තමන්ට ළමයි නෑ , එතනින් එහාට ජීවිතයක් නෑ කියල විඳවනකොට තවත් කෙනෙක් දරුවන් නිසා අනන්ත පීඩාවන්ට ලක්වෙනවා..... තවත් කෙනෙක් අනවශ්‍ය වෙලාවට බඩට ආපු දරුව නිසා අනාගතේ විනාශ උනා කියල දුක් වෙනවා.
කෙනෙක් ඇඟේ මස් කලඳක් නැහැ කියලා හූල්ලනකොට , තව කෙනෙක් බර රාත්තලකින් අඩු කරගන්න බැරුව විඳවනවා.
සමහරු වැඩට මිනිස්සු හොයාගන්න බැරුව කල්පනා කරනකොට , තවත් සමහරු කරන්න වැඩක් නැතුව තෝන්තුවෙන් ඉන්නවා.
වෙලාවකට මිනිස්සු කියන්නේ මහා අමුතුම ජාතියක් උන්ට ඕන දෙයක් වටින්නෙ එක්කො ලැබෙන්න කලින් , එහෙම නැත්තන් නැති වෙලා ගියාට පස්සෙ ,
සතුට කියන්නේ choice එකක්. ඒක මවන්න කලින් විදින්න...........
උපුටා පලකිරීමකි.

Comments
Post a Comment