Skip to main content

පළමු පියවර



   "අතමිට  මුදල්  තත්ත්වය  හොඳ  වුනොත්  ඔක්කොම  ප්‍රශ්ණ  ඉවරයි "  කියන  අය ,  "බිරිඳගේ  ගතිගුණ  වෙනස්  වුනොත්  සතුටින්  ඉන්න පුලුවන් " යයි කියන අය..  "මං  වැඩ කරන  ලොක්කා  දැනට  වඩා  ටිකක්  කරුණාවෙන්  නම්  මට  දැනට  වඩා  සතුටින්  වැඩට  යන්න  පුලුවන් "  යයි  කියන අය ,  "දරුවන්  ටිකක්  කීකරු  කරගත  හැකි නම්   අපට  කොච්චර  සහනයක්ද? " යයි  කියන  දෙමාපියන්ද  සිටිති .
     අපි  නිතරම  ඇසුරු  කරන  අයකු  හෝ  අපෙන්  පිටස්තර  අයකු  හෝ  වෙනස්  වීම  අපේක්ෂා   කරමු.  මෙම  අපේක්ෂාව   නිසා   අපේම   මානසික   වර්ධනය   නතරවන   බව   බොහෝ    දෙනා  වටහා   ගන්නේ   නැත.  අනුන්ගේ   ගතිගුණ   අපට  ගැලපෙන   අයුරින්     වෙනස්   වන  තුරු   අපගේ   මානසික   වර්ධනය   හා   වැඩීම   නතර   කර ගැනීමක්   මෙහිදී   සිදුවන්නේය.  තවත්   විධියකින්   කිවහොත්   අපගේ   දියුණුව   සතුට   රඳා  පවතින්නේ   අනුන්ගේ   ගතිගුණ   හා   ක්‍රියා  කලාපයන්   තුල   යයි   කියා   අපි   පුංචිවී   සිටිමු.

     අපෙන්   පිට   වෙනත්    අයකු   හෝ   අයවළුන්   නිසා   අපගේ   ජීවිතය   දියුණුව   හා   පැතුම්   ප්‍රමාද   කර  ගත  යුතුද ?     බොහෝ   අය   තමන්ගේ   දියුණුවට ,  ප්‍රගිතියට,  සමත්වීමට   පිට   අයකුගේ   සහය   බලා   පොරොත්තුවෙති.   මෙය   අපට   හුරු   පුරුදු වී   සංස්කෘතික   අංගයක්   බවටද   පත්වී   ඇත.   අනුන්ගේ   පිනින්   නිවන්   දැකීමට   හෝ   මතු   බුදුවීමට   අප   අදහන   දෙවිවරු    සූදානමින්   සිටින   බව   අපි   අදහමු.   අපේ   වැඩ  කටයුතු   පාලනය   කරන්නේ   ආලෝක   වර්ෂ   ගණන්   ඈත   කරකැවෙන   ග්‍රහ   ලෝක   මගිනි.

    ඉහත කී   තත්ත්වයෙන්   මිදීමට   නවීන   මනෝ   විද්‍යාවේ  හා   සාන්දෘෂ්ඨික   වාදයේ   උපදෙස්   අඩංගුය.  පළමුව  අප   විසින්   මූලික   චේතනා   දෙකක්   පහළ   කරගත   යුතුය.   පලමුවෙනි   චේතනාව   විය   යුත්තේ   අපේ   ජීවිතය   අප   විසින්ම   මවා   ගන්නා  බව   හා   ඒ   ගැන   වගකිවයුත්තේ   තමන්ම      බව   වටහා   ගැනීමය.   ජීවිතය   යනු   වැඩෙන   ක්‍රියාදාමයක්     බව   ඊලඟට   තේරුම්   ගෙන  ජීවිතය   දෙස   එසේම   බැලිය   යුතුය .  කෙනෙකුට   ජීවිත   දර්ශනයක්   තිබීම   අවශ්‍ය   බව   සෑම   කෙනෙක්ම   වටහා   ගන්නාතුරු    මෙම   මෝහණයෙන්   මිදීමට   නොහැකිය. 

      ලාංකික   අපි   දියුණුව   සඳහා   උදාවන   සෑම   වාසනාවන්ත     අවස්ථාවක්ම   ඉතා   පුදුම   විදියට   ලිස්සා   යැවීමට   දක්ෂයෝ   වෙමු.  අපි   අපේ   කාලය    හොඳ වනතුරු,   වැඩිහිටියන්ගේ   අනුමැතිය   ලබන   තුරු   හෝ   වැසිකාලය   හෝ   පායන   කාලය   හමාර   වනතුරු    "අනතුරුදායක   මඟ   පෑදීම්   වලින් " පල  නෙලා   ගැනීම   වෙනුවට   කරන්නේ   අයින   අල්ලා   ගැනීමය.

     අපේ   වැරදි   තීරණවලට   අපි   නිතරම   කරුමයට   ග්‍රහයන්ට   හෝ   අපෙන්    බාහිරවු   අන්   කෙනෙකුට    දොස්   පවරමු.  අපි   දියුණුවීමට   ඇස   කවන   විට   අන්   අයකු   අපව   පහතට   හෙළීමට   වෑයම්   කරනු    ලැබේ.  එවිට   අප   කරන්නේ   ඒ   පුද්ගලයා   සමඟ  තරහා වීම,   චෝදනා   කිරීම   වෛර  කිරීම   හෝ   අප්‍රිය   කිරීමය.
     අපි   වෛර   කරනවිට   සිදුවන්නේ   වෛර   කරන   පුද්ගලයාගේ   වහලකු   බවට   පත්වීමය.   අපි   සිතින්   වෛර  කරන   පුද්ගලයා   අල්ලාගෙන   අත  හැරීමට   බැරිව   වහලකුමෙන්   දුක්   විඳිමු.

     අපේ   ලෝකය  (ජීවිතය )  අප   විසින්ම   මවා   ගෙන   සිටින   ලෝකයක්   බව   පැකිලීමකින්   තොරව   පිළිගත   යුතුය.   එවිට   අප   විසින්   යම්   යම්   වැරදි   තීරණ   ගැනීම   නිසා   හොඳ   හෝ   නරක   තත්ත්වයක්   උපත   ලැබු   බව   අවබෝධ   කර   ගත   හැකිය.   ඊලඟට   අපේ   ජීවිත   වෙනස්   කිරීමට   නොහැකි   ජීවිත   නොවන   බව   අවබෝධ   කර ගත   යුතුය.

     අපිට   දුගී   දුප්පත්   හා   කරදර   කම්කටොළු   වලින්   පිරුණු   ජීවිතයක්   ගොඩනගා   ගත   හැකිනම්   ඊට   ප්‍රති   විරුද්ධ වූ   සෞභාග්‍යමත්    වාසනාවන්ත   ජීවිතයක්    ගොඩ   නගා   ගැනීමටද   පුළුවන.

     පළමු   කොට   අපි   අපේ  වැරදි   නිගමනයන්  නිසා   වැටී   සිටින   පහත්   තත්ත්වය   පිළිගෙන    ඉන්පසු   හරි   තීරණ   හා   ධන   සිතුවිලි වලින්  යුක්ත  වීමට   අධිෂ්ඨාණ   කරගත්    විට   අප   තුල   ඇති    චිත්ත බලය    අපට   යහමගට   යෑමට   ධෛර්යය ,  වීර්ය   සමඟ   ආශිර්වාදය    ලබාදෙයි.

     තමන්ගේ   ජීවිතය   තමන්ගේම    වග   කීමක්   බව   හොඳින්   ඒත්තු   ගන්නාතුරු   අපේ   පැතුම්   ඉටුවන්නේ   නැත.   පැතුම්   ඉටුවීමේ   පළමු   පියවර   ජීවිතය   වෙනස්  අතට   හැරවීමටනම්    වගකීම   තමන්   සතු   බව   අවබෝධ   කරගන්න .



දිවංගත සුමනදාස සමරසිංහ ශූරීන්ගේ ලිපියක් ඇසුරිනි.

Comments

Post a Comment

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...