Skip to main content

බෙන්තර පාලමෙන් එහා පැත්තෙන් ඇස් නෑරිච්ච බලල් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ ඇයි?......



මාතර මහ මුදළි තුමා යටතේ සෙවය සේවය කළ මායා රට සේවක මහතෙකු ඒකල තම ගම රට බලා ගමන් කළ අවස්ථාවක පාර අද්දර කෙලින් හිට ගැනීමටවත් නොහැකි දෑසද ඇරීමට නොහැකි වී සිට බළල් පැටවෙකුට සමාන පැටවෙකු දැක අනුකම්පා උපදවා වහා තම අතට ගෙන මල්ලේ සගවා ගත්තේ දරැවන්ට දී ඔවුන් ලවා ඇති දැඩි කිරීමේ අරමුණිනි.

පැටවා කාලයත් සමග ලොකු විය යම් තරමින් බළලෙකුට වඩා විශාල විය. නිතර සතුන් දඩයමෙන් ආහාර සොයා ගන්නා නිසා ශරීරයෙන් විශාල වූ බව මේ නූගත් මෝඩ ගැමියා සහ ඔහුගේ පවුලේ වුන් සිතීය. කාලයක් යත්ම නිතර දඩයමේ යන මේ සත්ත්වයා ගෙදර අයවද පහුරැ ගාන්නට මෙන්ම සපා කන්නද විය.

අවාසනාවන්ත ලෙස ගැමියාගේ බිළිදු දරැවාද සපා කා තුවාල සිදුකර තිබිනි.මින් උරණ වූ ගැමියා උදැල්ලෙන් කොටා බළළා මරා දැමීමට තැත් කළද උපන් ගමේ හැකියාව ඇති බළළා ඉන් බේරී පැනගත්තේය.

ලැබූ නිදහසින් උපරිම ඵල ගත් සත්ත්වයා ගම පුරා ඇවිදිමින් සිත් සේ දඩයම් කරමින් කාලය ගත කරන්නට විය.කුකුලුන් , ඌරැ පැටවුන් වැනි සතුන්ට නිරන්තර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් උරණ වූ ගම් වැසියන් ගැමියාගේ නිවස වටලා චෝදනා කෙරැවේ ඔහු ඇති කළ සතා නිසා ඔවුන්ට හිරිහැර බවටය.ඒ් අවස්ථාවේ ඔහු කියා සිටියේ "බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු නැති බළළ් පැටියෙක් වත් විශ්වාස කරන්න එපා" කියාය.

දැඩි හානියක් අවසානගේ ගමේ සිටි වෙල් විදානෙ මහතා රපෝර්තු කිරීමට ගිය ගැමියන්ට උපදෙස් ලබා ගැනීමට සිදු වූයේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංඩන් කොලේජියට යාමට අපේක්ෂාවෙන් සිටින වෙල් විදානෙ මහතාගේ පුතුය.

පියා නිවසේ නොමැති වීම හේතුවෙන් ගම්මුන් සමග ගිය වෙල් විදානෙ පුත්‍රයා උගුලක් අටවා බළළා හසු වූ පසු තමන් වෙත ගෙන එන ලෙස අණ කර ගෙදර පැමිණියේ ය.

වරැ භාගයක් යාමට ද මත්තේන් මද්දට හසු වූ බළලා රැගෙන වෙල් විදානේ හමු වීමට ගම්මු ගියෝ ය. බළළා පරීක්ෂා කළ වෙල් විදානෙ පුත්‍රයා පැවසූවේ "යකෝ බළළ්ලු කියලා හිතාගෙන හඳුන් දිවියො හදන තොපිට තමා ඉස්සෙල්ලම ගහන්න ඕනේ" 

(බළළෙකු යැයි සිතා හදුන් දිවියෙකු ඇති කළ දකුණු රටෙන් ඒපිට මෝඩ ගැමියෙකුගේ මෝඩකමින් දකුණු රටේ ඇස් ඇරපු නැති බළළ් පැටියෙක්වත් විශ්වාස කරන්න ඒපා යන වාක්‍ය කණ්ඩය තවමත් කොළඹ , නුවර ආදී ප්‍රදේශ වල කටේ ඇත.නමුත් ඔවුන් මෝඩ බව ඔවුන් නොදනී.

උපුටා ගැනීමකි.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...