Skip to main content

ඔබ විවේකය සොයන කාන්තාවක්ද?...


කෙළවරක් නැති වැඩපලවලින් හෙම්බත්ව පිඩාවට පත්වී සිටීම, නුතන කාන්තාව කෙරෙන් දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. රැකියාවේ කටයුතුවලට අමතරව, ගෘහණියක් හා මවක් වශයෙන් පැවරෙන වගකීම්භාරයද නිසා, එදිනෙදා වැඩපලවල කලබලයෙන් හා කඩිමුඩියෙන් නිරත වන ඇයට මඳ වෙලාවක් විවේකිව, නිස්කලංකව හා ගත සිත සැහැල්ලුවෙන් තබා ගැනීමේ ඇති ඉමහත් ප්‍රයෝජනය ගැන සිත යොමු කිරීමටවත් කාලයක් නැත.

ගතසිත සැහැල්ලුවෙන් තබා ගැනීම යන්නෙන් බොහෝ දේ අදහස් කෙරේ. එක් අතකින් එය මානසික අසහනයෙන් හා අස්ථාන බියෙන් සිත මුදා ගැනීමකි. තවත් අතකින් කලබලකාරී අතරතුර කෙටි විරාමයක් ලැබීමකි. විවේකය තුලින් ඉමහත් ආශ්වාදයක් ද ලැබිය හැකිය. සුවදායක නින්දක්ද ලැබිය හැකිය.

ගතසිත සැහැල්ලුකර ගැනීමේ මාර්ග විවිධය. ක්‍රීඩාවක යෙදීමෙන් පුවත්පතක් හෝ පොතක් පතක් කියවීමෙන්, ගුවන් විදුලියට සවන්දීමෙන්, රුපවාහිනිය නැරඹීමෙන් හෝ එසේ නැතිනම් සිතට ඇතුල් වන විවිධාකාර සිතුවිලි වලින් මොහොතකට මිදී, හිත හිස් ස්වභාවයෙන් තබාගැනීමෙන් සිතේ තද ගතිය ලිහිල් කරගත හැකිය. ඒ හැම ක්‍රමයක්ම හොඳය. ඔබ තෝරා ගත් ක්‍රමය සැබවින්ම ක්‍රියාත්මක කරන්න එය සැබෑ විවේකයක් කරගත යුතුය. ඔබ එයින් විවේකිසුවය ලබන බව මෙනෙහි කරමින්, පීඩාකාරී සිතුවිලිවලින් සිත යලි යලිත් අවිවේකයට පත්වීමෙන් වලක්වා ගනිමින් එළඹ සිටි සිහියෙන් යුතුව විවේකය හා සැහැල්ලු ගතිය පිළිබඳව අවදියෙන් සිටිමින්, එයින් ආශ්වාදයක්, සුවයක් විඳින්න.

ඔබ රැකියාවක් කරන්නියක වුවත්, මවක් වුවත් සුළු වෙලාවක් හෝ විවේකය හා ගතසිත සැහැල්ලුවෙන් තබා ගැනීම සඳහා වෙන්කරමින් දවසේ කටයුතු සැලසුම් කර ගැනීම ඉතාම ප්‍රයෝජනවත්ය. උදැසන අවදිවිමෙදී අවසාන තප්පරය වනතුරැ බලාසිට ඇඳෙන් බිමට පනිනවාට වඩා විනාඩියක් දෙකක් කලින් අවදි වී සුළු විවේකයක් සඳහා කාලය ඉතිරි කර ගන්න. දරුවන් පාසල් යැවීමෙන් අනතුරුව මඳක් විවේකිව හිඳගෙන පුවත් පතකට නෙත යොමු කරන්න. පාන්දර සිට මුළුතැන්ගෙයි වැඩකිරීමෙන් ලද වෙහෙස මඳක් තුනී කරගැනීමට පස්වරුවේ කෙටි නින්දක් සඳහා මඳක් ඇලවෙන්න. එක දිගටම වැල නොකැඩි වැඩකරන වේලාවෙන් සුළු වෙලාවක් විවේකය සඳහා වැය කිරීම කාලය නාස්ති කිරීමක් නොව ඔබට පුදුම සහගත සුවයක් හා විවේකයක් ලබා දෙන මඟකි.

අසහනයෙන් සිත මුදවා ගැනීම සඳහා පුහුණුවක් අවශ්‍යය. ඇතැම් කාන්තාවන් සහජයෙන්ම ඍනවේග හා අසහනයන් සමඟම ජීවත්වීමට පුරුදු වී සිටීම නිසා, සිත එයින් මුදාගැනීම අසීරු වී තිබේ. ඔබත් එවැන්නියක් නම් මිට සතියකට උඩදී මහමේරු පර්වතය මෙන් ඔබේ හිස මත තබා ගෙන පීඩා විඳි ඇතැම් ප්‍රශ්න දැන් ඔබේ හිතෙන් කෙමෙන් කෙමෙන් අමතක වී යන බව ඔබට දැනේවි. මේ මොහොතේ ඔබව අසහනයට පත්කරමින් ඔබට වදදෙන ඇතැම් සිතුවිලි ක්‍රමක්‍රමයෙන් ඔබේ සිතෙන් මැකී යන අයුරු තව සතියකින් පමණ ඔබට දැනේවි. මීට අවුරුද්දකට පෙර ඔබව අසහනයට පත්කළ ඇතැම් සිතුවිලි දැන් ඔබට මතක නැත. එසේනම්, ඒවා ගැන තැවී තැවී ‘ඍන කොම්පැනි’ වීමෙන් ඇති පලේ කුමක්ද? අසහනයට හේතුවන කරුණු විග්‍රහ කර බලන්න. එයින් මිදීමට ඔබට කල හැකි දෙයක් තිබේදැයි විමසා බලන්න. අසහනයෙන් සිත මුදවා ගැනීමේ රහස එයයි.

සමාජ ඇසුර තුලින් ඔබ ලබන විවේකි සුවය කෙබදුද? බාහිර සමාජයේදී අනිකුත් අය ඔබගේ හැසිරීම හා ඉරියව් කෙරෙහි විමසිලිමත් වන්නේ යයි සිතමින් ඔබ පීඩා විඳිනවාද? එසේ නම් එය ඔබ ඔබගේ ඍන සිතුවිලි දෙසට අන්වීක්ෂයක් තුලින් හෙලු බැල්මකි. එවිට ඔබ පිළිබඳව ඔබවිසින්ම මවාගෙන සිටින සත්‍යයක් නොවන ඔබේම ප්‍රතිරූපය සිය ගුණයකින් විශාල වී ඔබට පෙනේ. එයින් ඔබ මුලාවේ. ඇතැම් විට බියට පත් වේ. එම පුරුද්ද අත්හරින්න.

කාන්තාවකගේ අභ්‍යන්තරික තද ගතිය හා වෙහෙසකාරී කනස්සලු ස්වභාවය ඇගේ ස්වභාවික ජේත්තුකාර ප්‍රසන්න පෙනුම කොතරම් විකෘති කරන්නේද යන්න, කැඩපතක් තුලින් තමාටම බලාගත හැකිය.

දිවංගත සුමනදාස සමරසිංහ ශූරීන්ගේ ලිපියක් අධාරයෙන් සැකසූවකි.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...