Skip to main content

බයකර ගැනීම ආදරය නොවේ..

 


තම දූ දරුවන්ට දෙමාපියන් දක්වන ආදරය අති විශිෂ්ඨය. පක්ෂීන් හා සියලූ තිරිසන් සත්වයෝද තම පැටවුන් රැක බලා ගන්නේ තම පණටත් වඩා දැඩි ආදරයකිනි. මනුෂ්‍යයෝ පමණක් තම දරු පැටවුන්ගෙන් පෙරළා තමන්ටද ආදරය කිරීම අපෙක්ෂා කරති. ආදරය දැක්විය යුත්තේ ආදරය අපේක්ෂාවෙන් නොවේ. ආදරයට කිසිම අපේක්ෂාවක් නැත.

දෙමාපියන් තම දූ දරුවන්ට හොද අනාගතයක් ලබාදීමට ඔවුන්ගේ කුඩා අවදියේ පටන්ම සැලසුම් කරති. හොඳ පාසලකට ඇතුලත් කිරීම, නීරෝගීකම සමග කෑමබීම හා ඇදුම් හා පැළදුම් ගැන දෙමාපියෝ දක්වන සැලකිල්ල ඉමහත්‍ ය. එහෙත් මේ සියල්ලම සමග දරුවන්ගේ මානසික සවි ශක්තිමත් කිරීමද අත්‍යාවශ්‍යවේ. එය නිවසින් ආරම්භ කළ යුතුය. දරුවන්ට සැබෑ ආදරයක් ඇත්නම් ඔවුන් පුංචිකර, බයකර හකුලුවා තැබීම වැරදිය. කීකරු කම තමන්ට වඩා උතුම් අය කෙරෙහි දක්වන ගෞරවය යි.

ඔබේ දරුවා ඔබට ගෞරව කරන්නේ දඩුවම් කරන නිසා නම් එය ගෞරවයක් නොව බියකි. දෙමාපියන්ට හෝ වෙන කිසිම කෙනෙකුට ඔබේ දරුවා තුල බියක් රෝපණය කිරීම පුරාණ වැදි යුගයේ අවශ්‍යතාවයක් විය. අද එය අවශ්‍ය නැත. සැබෑ ආදරය ලබන්නට නම් සැබෑ ආදරය දැක්විය යුතුය. තරවටු කිරීම, ශාරීරික වද දීම, ටොකු ඇනීම හෝ කෝටුපාර දීම සිංහල රජකාලේ ක්‍රියාවන් ය. අප ජීවත්වන මේ යුගයේදි අප කළ යුත්තේ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන දරුවන් කීකරු කර ගැනීමය.

මගේ ගෞරවය රැකෙන්නේ මම අවංකවූ තරමටය. බැරි දේවල් හෝ තමන්ට ඉක්මනින් කළ නොහැකි යමක් පවසා දරුවන් මුලා කිරීම නිසා, ඔවුන් තමන්ට දක්වන ගෞරවය පළුදු වන්නේය. එවිට දරුවන්ද බොරු කීමට දෙමාපියන්ගෙන් ඉගෙන ගනිති. දරුවන්ට ඔබ කෙරෙහි දැඩි විශ්වාසයක් තැබිය හැකි විය යුතුය. කුමන හේතුවක් නිසා හෝ ඔබ ඔවුන්ට නොසළකා සිටීම වැරදිය. ආදරය දිනා ගන්නේ ආදරය දැක්වීමෙනි. දුක සැප විමසා අඩුපාඩු ඉටුකිරීම, දරුවන්ගේ ලපටි සිත් නොරිදවීම, ළමා අදහස් උදහස් ගැන තම තමන්ගේ දියුණු දැඩි මානසික තත්ත්වයෙන් නොව ළමා මානසිකය අනුව තමාද මොහොතකට ළමයකුවී සිතා බැලීම සමග වැරදිවලට හා අඩුපාඩු කම්වලට සමාවදීම කළ යුතුය. වැඩි දෙනා කරන්නේ වැරදි වැරදි නිවැරදි කර ගැනීමට හෝ අඩුපාඩුකම් හා දුබලකම් ජය ගැනීමට දරුවන්ට උදව් කිරීම වෙනුවට ඔවුන්ට සිනහවීම, දරුවන් පුංචි මෝඩයන් ලෙස තීරණය කිරීම හා සමච්චල් කිරීමය. දෙමාපිය දෙදෙනා දෙයාකාරයකට දරුවන්ට සැලකීම නිසා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය මෙන් දෙපැත්තට කඹ අදින දරු කැලක් ගෙදරදී පුහුණුව ලබා සමාජයට පිවිසෙති.

දැන් ලෝකයේ චින්තන විප්ලවයක් ඉතා සාමකාමීව සිදුවීගෙන යන බව බොහෝ දෙමාපිය වැඩිහිටියන් නොදනිති. ඒ නිසා පැරණි ආගමික අදහස් හා ඉගැන්වීම් අනුව දිගටම ළමයින් හැඩගැස්වීමට යොමුවී ඇත. ආගමික පොත පත ළමයින් අතට පත්කර ඇත්තේ ඒවායේ ඇති විශ්වාස කළ නොහැකි අද්භූත ආශ්චර්යමත් විශ්ව කර්ම හාස්කම් සමගය. වැඩිකල් යෑමට පෙර භෞතික විද්‍යා සහ ජීව විද්‍යා වැනි විෂයන් හදාරන දරුවන්ට කුඩා කළ ඉගෙන ගත් බොහෝ දෙවල් බොරු නිසා ආගමික විශ්වාසය බිඳ වැටි යයි. ආගම් විරෝධීන් හා ත්‍රස්තවාදීන් බිහිවන්නේ බොරු ඉගැන්වීම් වලින් හෙම්බත්වී සිටින බැවිනි.

අපි ජීවත්වන මේ යුගයේ දෙමාපියන් මෙම යුගයට ගැලපෙන අන්දමේ කොටස් පමණක් දරුවන්ට උගන්වමින් බොරු අලංකාරය, වර්ණනාව හා අතිශයෝක්තිය ඉගැන්විය යුත්තේ ඒවා බොරු බව කියා දෙමිනි. එවිට අනාගතයට නොබියව මුහුණදීමට හැකි බොරු බියෙන් පුංචිවී නොහැකිලෙන පරපුරක් බිහිවනු නොඅනුමානය.

මනස සඟරාවෙන් උපුටාගත් ලිපියකි.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...