මේ ලස්සන කවි අදහස ඉදිරිපත් කර තිබෙන්නේ බ්‍රසීලයේ සැන් පාවුලෝහි (1893-1945 කාලයේ) ජීවත්වුණු, බ්‍රසීලියානු නූතනවාදයේ ආරම්භකයින්ගෙන් කෙනෙක් වූ කවියෙක්, නවකතාකරුවෙක්, රචකයෙක් සහ සංගීතඥයෙක් වූ 'මාරියෝ ද ඇන්ඩ්‍රේඩ්' විසිනි...
" මම මෙතෙක් කාළයක් ජීවත්වුණු මගේ අවුරුදු ගණන ගණන් කර බැලුවිට මම මෙතෙක් ජීවත් වූවාට වඩා, මට ජීවත් වීමට තිබෙන කාලය අඩු බව මම තේරුම් ගතිමි...
මට එය දැනෙන්නේ රසකැවිලි පැකට්ටුවක් ලැබුණු දරුවෙකු ලෙසයි... මුළදී ඔහු රසකැවිලි සතුටින්, ඉක්මණින් අනුභව කළත් ටික වෙලාවකින් පැකට්ටුවේ ඉතිරිව ඇත්තේ ස්වල්පයක් බව ඔහුට වැටහී යයි... ඉන්පසු ඔහු ඒවා දැඩි පරිස්සමෙන්, හෙමිහිට, නියම ලෙස රස බැලීමට පටන් ගනියි...
රටට, සමාජයට කිසිවක් නොකරන බව දැන දැනම සහභාගී වූ රාජ්‍ය ප්‍රඥප්ති, නීතී රීති, ක්‍රියාපටිපාටි සහ අභ්‍යන්තර රෙගුලාසි සාකච්ඡා කරන නිමක් නැති රැස්වීම්වලට දැන් මට වෙලාවක් නැත...
කාලානුක්‍රමිකව වයස සමඟ වැඩුණු, එහෙත් වැඩිවියට පත් නොවූ විකාර මිනිසුන් සමඟ ජීවත්වීමට මට තවදුරටත් කාළයක් නැත...
මට තිබෙන කාලය ඉතා කෙටි ය... මට එය සාරවත් කර ගැනීමට අවශ්‍යය... මගේ ආත්මය නිමවීම කඩිමුඩියේ සිදුවෙයි... මගේ රසකැවිලි පැකට්ටුවේ දැන් වැඩිය රසකැවිලි නොමැත...
දැන් මට අවශ්‍ය වන්නේ මිනිසුන් අසල ජීවත් වීමටයි... මිනිසුන්ගෙන් සිදුවන වැරදිවලට සිනා නොවන, තමන්ගේ ජයග්‍රහණවලින් පිම්බෙන්නේ නැති සහ තමන් කරන ක්‍රියාවන්ගේ වගකීම ගන්නා ඉතා යථාර්ථවාදී මිනිසුන් සමඟ ජීවත්වීමට මට දැන් අවශ්‍ය කරනවා... මේ ආකාරයෙන් ජීවත්වීම නිසා අපි එකිනෙකා අතර මානව ගරුත්වය ආරක්ෂා වන අතර අපි සත්‍යයෙන් හා අවංකව ජීවත්වීමට පෙළඹෙනවා...
ඉතිරි කාළය හොඳින් ජීවත්වීමට එය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වේවි...
ජීවිතයේ දුෂ්කර කාළවල් වල සිදුවූ සිදුවීම් වලින් තම ආත්මයට ලබාගත් මිහිරි, අමිහිරි ස්පර්ශයන් සමඟ වැඩීමට ඉගෙන ගත් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කිරීමට දන්නා, දයාබර මිනිසුන් වට කර ගැනීමට මට දැන් අවශ්‍යය...
ඔව් මට දැන් හදිස්සියි... පරිණතභාවයෙන් පමණක් ලැබෙන අත්දැකීම් සමඟ ජීවත් වීමට මම දැන් ඉක්මන් වෙමි...
අවශ්‍යම දෙයක් හැර ඉතිරිවී තිබෙන අනෙකුත් අතුරුපස කිසිවක් අනුභව කිරීමට මම දැන් අදහස් නොකරමි... සමහරවිට මෙතෙක් මා ආහාරයට ගත් ඒවාට වඩා ඒවා ඉතා විශිෂ්ට වෙන්නත් පුළුවන්...
දැන් මගේ ඉලක්කය වී තිබෙන්නේ මගේ ආදරණීයයන් සහ මගේ හෘදය සාක්ෂිය සමඟ තෘප්තිමත් සහ සාමයෙන් අවසානය කරා ළඟා වීමටයි...
ජීවිත කාළය පුරාවටම අපට ජීවිත දෙකක් ඇති අතර, දෙවැන්න ඔබට හමුවන්නේ සහ එය ඔබෙන් ආරම්භ වන්නේ, ඔබට ඇත්තේ එක ජීවිතයක් පමණක් බව ඔබට වැටහෙන විටය...
"Mário de Andrade"
උපුටා ගැනීමකි.

Comments
Post a Comment