Skip to main content

දෙමව්පියන් දරුවන්ට දෙන emotional blackmail

පිරිමියෙකුයි ගෑණියෙකුයි එකතුවෙලා ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව.

මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ 'ණය බර' කියන්නේ මට අනුව නම් ඉතාම ප්‍රශ්නකාරී ආකල්පයක්.

මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඕනම කෙනෙක් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්නේ කුමන හෝ තමන්ගේ අවශ්‍යයතාවයක් ඉෂ්ඨ කරගන්නය කියන කාරණය. 

තමන් තුළ දරුවෙක්ට ඇති ආශාව සංසිඳුවා ගන්න... දරුවන් තුළින් යම් අරමුණක් ඉටු කරගන්න..එක්කෝ දරුවා තුළින් තුන්වෙනි පාර්ශවයකට (සමාජයට, රටට) යම් ප්‍රතිලාභයක් ලබා දීමට..වගේ හේතු තමයි අලුත් ජීවිතයක් මේ ලෝකයට බිහි කරන්න මුල් වෙන්නෙ.

කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ.

"ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"

හිතමු මම මගේ ආශාවල් මුල් කරගෙන මගේ කැමැත්තට මේ ලෝකයට දරුවෙක් ගෙනාවය කියල. ඒ කියන්නේ අසරණ, දුර්වල, කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් නැති, තමා ගැනවත් හරි හැටි බලා කියාගත නොහැකි බිළිඳෙක්ව මම මගේ උවමනාවට මේ ලෝකයට ගෙනාවා කියමු. 

එහෙම ගෙනාපු ඒ දරුවාව මම බලාගන්න මට වගකීමක් තියෙනවා නේද? ඒක මම කල යුතු දෙයක් නේද? එතකොට මම ම නිර්මාණය කරපු අසරණ ජීවියාව මම බලාගත්තාය කියලා.. ඒකෙන් කියවෙනවාද ඒ දරුවා ජීවිත කාලයම මට ණයයි කියලා?? මම එහෙම කියනවා නම් ඒක සාධාරණ කතාවක්ද?

ඇයි?

මගේ උවමනාවට මේ ලෝකයට දරුවෙක් ගේන්න තීරණය කලෙත් මම..

ඒ තීරණය ක්‍රියාත්මක කරලා කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ජීවිතයක් නිර්මාණය කලෙත් මම..

දැන් ඒ අසරණ ජීවිතය රැකබලා ගැනීමේ වගකීම මම ඉෂ්ඨ කල නිසා ඒ දරුවා මත ඉබේම පැටවෙනවා ණයක් කවදාවත් ගෙවන්න බැරි විදියේ බරක් තියෙන..!

කිසිවක් කරගන්න බැරි කුඩා කාලයේ තමන්ව බලා ගැනීමේ ණය ගෙවන්න දරුවන්ට බල කෙරෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම.

වැඩිහිටියෙක් බවට පත් වුන දරුවා තමන්ගේ ජීවිතයේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමේ ඉඳලා තමන්ගෙ ජීවිතය ගැන ගන්නා තීරණ වලට දෙමාපියන් එකඟ නොවෙන වෙලාවල් වලදි, දරුවන් ලවා තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න දෙමාපියන් මේ ණය බරේ ආකල්පය ඉතාම අමානුෂික විදියට යොදාගන්න හැටි ගැන අත්දැකීම් මේ සටහන ලියන මට තියෙනවා වගේම මේ සටහන කියවන ඔබටත් ඇති.

"අපි උඹව පොඩි කාලේ කන්න බොන්න දීලා පරිස්සම් කරලා හැදුවටද පුතේ දැන් උඹ අපි එපා කියන දේ කරන්නේ..?"

කවුරු හරි හිතනවා නම් තමන් මේ ලෝකයට දරුවෙක්ව ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා වයසින් වැඩිවනකන් බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න. 

ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” !

කෙනෙක්ට මුලු ජීවිත කාලයම ගෙවන්න බැරි විදියේ ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

කරුණාකරල තේරුම් ගන්න.

මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

ඔබ විසින්, ඔබේම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි..

කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම !

ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, ඔබ වුනත් මම වුනත් කවුරු වුනත්.. එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

සමහර දෙමව්පියන් තමන්ගේ බිළිඳන්ව කුණු කූඩ වල දාලා ඒ වගකීම පැහැර හැරි පළියට ඒ වගකීම මම හරියට ඉටු කලාය කියල මගේ දරුවාගේ ජීවිතය ගැන තීරණ වලදි දරුවාව emotional blackmail කරන්න මට ලයිසමයක් ලැබෙන බව ඉන් කියවෙන්නේ නැහැ.

ඔබට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.

ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.

මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

නමුත්,

ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

මේ 'ණය බරේ' මායාව අත්හරින්න.

උපුටා ගැනීමකි.

 Jamis Banda

මේ සටහන මගෙන්: ඒ වගේම තමන් ඉදිරියෙදී දෙමව්යපියන් වන්නට තීරණය කලහොත් අද මේ කියවපු දේත් හොදට මතක තියාගන්න තමන්ගෙ දරුවන්ටත් එහෙම නොකරන්න.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...