අද මුහුණු පොත පුරාම තියෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ චොකලට් වර්ගයක තිබිලා හම්බුවෙච්ච ඇඟිල්ලක කොටසක පින්තූර නිසා මේ පරණ කතාව කියන්න හිතුණා.
ඉස්සර ඇඹිලිපිටියේ තිබිලා තියෙනවා ජනරංජන කියලා ප්‍රසිද්ධ හෝටලයක්. මේක ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි ඒ හෝටලයේ කෑම රස වීම. විශේෂයෙන්ම හෝටලයේ මස් හොද්ද දුර බැහැර ඉඳලා එන මගීන් අතර පවා ප්‍රසිද්ධ නිසා කෑමට බස් පවා නතර කරපු හෝටලයක්. දවසක් දුර බැහැර ඉඳලා ආපු මගියෙක් කෑම ගනිද්දි ඔහුට මස් හොද්දෙ තිබිලා මිනිස් ඇඟිල්ලක කොටසක් හම්බුවෙනවා. මේ ගැන පරීක්ෂණයක් කෙරෙද්දි තමයි සත්‍ය හෙළිදරව් වෙන්නේ.
තණමල්විල, සූරියවැව, ඇඹිලිපිටිය ඉස්සර ඉඳලම ත්‍රෛලෝක විජයපත්‍ර ( ගංජා) හේන්වලට ප්‍රසිද්ධයි නේ. ඉතිං කලින් කියපු ජනරංජන හෝටලයේ මුදලාලි ( මගේ මතකය නිවැරැදි නම් ඇල්‍ෆ්‍රඩ් සොයිසා කියලා කෙනෙක් ) අමතර ආදායමක් විදියට මේ ගංජා හේන් වගාව හොරෙන් කරගෙන ගිහින් තියෙනවා. මේ හේන් බලාගන්න බාර දීලා තියෙන්නේ මුදලා ගේ විශ්වාසවන්තයෙකු වන කලු ඇල්බට් කියලා පුද්ගලයෙක්ට. ඔහුට අමතරව තව පිරිසකුත් ගංජා හේන් බලාගන්න ඉඳලා තියෙනවා. මේ සේවකයෝ පඩි දීලා නිවාඩු යවලා තියෙන්නේ තනි තනියම. හැබැයි නිවාඩු ගිහිපු කිසිම සේවකයෙක් ආපහු වැඩට ඇවිල්ලා නෑ. කලු ඇල්බට් මේ සේවකයෝ පඩි අරගෙන කැලේ මැදින් එද්දී පඩි සල්ලි ටික කොල්ල කාලා ඔවුන්ව ම:රලා කෑලි කපලා හෝටලයේ මස් හොද්දට දාපු එක තමයි කරලා තියෙන්නේ. ගංජා හේන් ගැන තොරතුරු සේවකයන්ගෙන් හෙළිදරව් වෙයි කියන බයට එහෙම කරා කියලා තමයි මුදලාලි පාපොච්ඡාරණය කරලා තියෙන්නේ. පස්සේ හෝටලය වහලා තියෙනවා. දැන් මේ හෝටලය තියෙනව ද කියලා නං දන්නේ නෑ.
චොකලට් එකකට ඇඟිල්ලක කෑල්ලක් ආවේ කොහොමද කියලා නං හිතාගන්න බෑ. සන්නාම අතර තියෙන යුද්ධ ( Battle of Brands or Brand War ) නිසා වෙන්නත් පුළුවන්. ඒත් නිශ්චිතව කියන්න බෑ.
අමීර් ඛාන්, මාධුරි ඩික්ෂිත් රඟපාපු " දිල් " චිත්‍රපටයේ එක ජවනිකාවක් තියෙනවා අමීර් ඛාන් ගේ තාත්තාට රඟාපාපු අනූපම් කේහෙර් මැස්සෙක් වැටිච්ච තේ එකක් බොන දර්ශනයක්. පොර කරන්නේ ඉස්සෙල්ලා මැස්සාව අරෙගෙන කටේ දාගෙන පස්සෙ තේ එක බොන එක...😜
මටත් පාන්වල තිබිලා කැරපොත්තො, බාගෙට බීපු බීඩි කොට නං හම්බුවෙලා තියෙනවා…🫢
================
සොනාල ගුණවර්ධන
Comments
Post a Comment