Skip to main content

මට බැහැ /මගෙ හැටි එහෙමයි

 කුඩා කල පටන් හැදුනු වැඩුනු පරිසරය,කියවපු පොතපත, ගුරුවරු, දෙමව්පිය සහ වැඩිහිටියන්ගෙ අදහස් යෝජනා ආදියේ නිෂ්පාදනයක් වන වැඩිහිටි මනුෂ්‍යයා "මම" යනුවෙන් හදුන්වන්නෙ ස්වකීය සිතින් දැඩිව ග්‍රහණය කරගෙන සිටින සිතුවිල්ලකි.

මෙසේ දැඩිව යටි සිතට කිදා බැස ඇති සිතුවිලි "මම" යනුවෙන් ඔහු හැදින්වූවත් ඒ ගැන සත්‍යය දැන ගැනීමට ඕනෑ කරන අයද අප අතර සිටී.වැඩි දෙනෙකු තමන් සිතින් අල්ලා ගෙන සිටින වැරදි සිතුවිලි අත්හැරීමට වඩා අල්ලාගෙන සිටීමෙන් විනෝදයක් ලබයි. එසෙ නැති අය තමා බැදී සිටින බලවත් මානසික බන්ධනවලින් මිදීමට නොහැකිව ළතවේ.

මා සදහන් කල මානසික බන්ධනවලට උදාහරණ බලමු.කෙනෙකු තමා ගැන විස්තරයක් කරනවිට පවසන කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න.

"මට ඉදිරියට යන්න බැහැ,මම හරිම කම්මැලි,මට හරි ලැජ්ජයි,මම හරි අමුතුයි,මගෙ හිතට බයක් දැනෙනව " මේ විදියට කියන අය මෙන්ම මෙයට වඩා වෙනස් අයුරකින්" මම හරි කෙලින්,මම හරි අවංකයි, මම බොරුවට බය වෙන්නැහැ " ආදී වශයෙන් පවසන අයද සිටිති. අද සමාජයේ වැඩි හරියක් සිටින්නේ ඉහතින් කී විදියට තමා ගැන රින වේග නිකුත් කරමින් කාලය ගෙවන අයයි.

යම් කෙනෙකු "මම දුර්වලයෙක්" යන අදහස සිත්හි දරාගෙන සිටින තුරු එම දුර්වලකමින් ගොඩ ඒමට ඔහුට නොහැකිය. ඔබේ එම තීරණය වෙනස් කරන්න.එවැනි තීරණ මිත්‍යයා විශ්වාසය මිස සත්‍යය නොවේ.යමෙකු තමා ගැන ඒ විදියේ නරක හැදින්වීම්, හැදුනුම්පත් හෝ ලේබල් ගසා ගෙන සිටින්නෙ නිතරම අන් කෙනෙකු විසින් පවසන ලද අදහසක් තමන්ගෙ සිත තුල කවා ගැනීම නිසාය.  ඔබ ගැන ඔබේ තීරණය බොහෝ විට ඔබේ නොවේ. " මගේ හැටි එහෙම තමයි, මමත් ඒ වගේමයි,මං කවදාවත් එහෙමයි, මගේ හැටි වෙනස් කරන්න බැහැ" ඇදී වශයෙන් පවසන ඔබ එසේ කරන්නෙ මනෝවිද්‍යා ඉගැන්වීම් ගැන නොදන්නාකමිනි.

ඔබේ හැටි ඔබට ඕනෑ නම් වෙනස් කරගත හැකිය.ඔබට වෙනස් කර ගන්නට අවංක ඕනෑකමක් නැති නිසා ඔබ බොරු කියන්නේහිය. අප කාලයක් මිත්‍රකම්න් ඇසුරු කල "හිතමිතුරකු වැනි නරක ගතිගුණයක් අපෙන් තුරන් වී යනවාට අපි කැමති නොවෙමු. අන්න ඒ හේතුව මත ඇත්ත නොකියා "ඒ මගෙ හැටි " යයි පවසා ඒ වෙලාවට ප්‍රශ්නයෙන් මිදීමට බුද්ධි හීනයා ඉදිරිපත් වේ.

අපි නිතර නිතර සිතන සිතුවිලි අනුව අපේ මොළයෙ මෝස්තරයක් ඇදේ. ඉන්පසු ඒ මෝස්තරයෙන් පිට වෙනත් දෙයක් සිතීම අපහසු වන්නේය.කලාතුරකින් කෙනෙක් දැඩි වෑයමකින් පසු පැරණි මෝස්තරයට පටහැණිව අලුත් දෙයක් ගැන සිතයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයා නව චින්තනයකට නැඹුරු වේ. කෙනෙකු හොද හෝ නරක පුරුදුවලට ඇබ්බැහිවීම හා ඒවායින් අත්මිදීම සිදුවන්නේ පෙර කී අන්දමටයි.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...