ඇමරිකාවේ පාසලක ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක් හිටියා. ඔහු හැමදාම විද්‍යාව විෂයට ලකුණු 100% ම ගන්නවා. ඔහු උසස් අධ්‍යාපනය සඳහා IIT තෝරගන්නවා. එහිදි ඔහු IIT සඳහා විශිෂ්ට ලකුණු ලබා ගන්නවා.ඔහු MBA එක සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට යනවා. ඉන්පසුව ඔහු ඇමරිකාවේ ඉහළ වැටුප් සහිත රැකියාවක් ද ලැබෙනවා. ලස්සන ගැහැණු ළමයෙකු සමඟ විවාහ වෙනවා. සුඛෝපභෝගී වාහනයක්, විශාල නිවසක් සියල්ලම ඔහු ලබා ගන්නවා.ඔහුට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. සර්ව සම්පූර්ණ ජීවිතයක්.
එහෙත් අවසානයේ දී සිදු වූයේ කුමක්ද...?
මීට මාස කිහිපයකට පෙර ඔහු තම බිරිඳට සහ දරුවන්ට වෙඩි තබා සිය දිවි නසා ගන්නවා.
ඔහු එහෙම කරේ ඇයි..?
ඔහුට වැරදුනෙ කොතනද...?
California Institute of Clinical Psychology මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා. පර්යේෂකයන් ඔහුගෙ මිතුරන් සහ පවුලේ අය මුණගැසී විස්තර හොයා ගන්නවා. කොවිඩ් අර්බුදය නිසා මෑත කාලීන ඇමරිකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි වෙලා.ඔහුට මාස කිහිපයක් රැකියාවක් නොමැතිව ඉන්න සිදු උනා. නිවසට ගත් ණය වල වාරික කිහිපයක් ඇරියස් උනා. නිවස අහිමි වෙන තත්වයට ආවා.මොහුට ජීවිතයෙ කිසි දිනෙක අසාර්ථකත්වයට මුහුණ දීලා පුරුදු නෑ. ඔහු සහ බිරිඳ එක්ව සියදිවි නසා ගැනීමට තීරණය කරනවා.ඔහු මුලින්ම තම බිරිඳට සහ දරුවන්ට වෙඩි තබාගෙන පසුව තමාටම වෙඩි තබාගෙන මිය යනවා.
ඔහුගේ ජීවිත කතාව ශෝකාන්තයකින් අවසන් වෙනවා.
පර්යේෂකයන්ගෙ නිගමනය වූයේ ඔහු සාර්ථකත්වය සඳහා වැඩසටහන්ගත ( Program) කර ඇති නමුත් ඔහුව අසාර්ථකත්වය කලමණාකරනයට පුහුණු කර නොමැති බවයි.මෙය හුදු ඇමරිකාවට පමණක් නොව මුලු ලෝකයම වෙලා ගෙන ඇති දරුණු තත්වයකි. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල පවා දරුවන්ව යථාර්ථයට මුහුණ දීමට පුරුදු පුහුණු කර නැත.දෙමව්පියන් දරුවන්ව සුරංගනා ලෝක තුල හිර කර ඇත. රැකියාව සහ මුදල් වැනි භෞතික සම්පත් වල අඳුරු තිමිර පටලයෙන් සදාචාරය, සාරධර්ම වසා ඇත.කායිකව හා මානසිකව බෙලහීන පරපුරක් නිර්මාණය කරමින් ඇත. ඉතාමත් ඉක්මනින් ඉච්ඡා භංගත්වයට පත් වෙන පරම්පරාවක් බිහි වෙමින් ඇත.
මෙය ලියන අදත් 2023/08/05 උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මම දැක්කෙ උතුරු පලාතෙ විශ්ව විද්‍යාලයක දෙවෙනි වසරේ සිසුවියක් නේවාසිකාගාර තුලදී ම ගෙල වැලලාගෙන ඇති බව හා වෛද්‍යවරයෙක්ද තම නිවස තුලදී ම ගෙල වැලලාගෙන ඇති බවයි.
කුඩා කාලයේදීම සාර්ථකත්වයේදි මෙන්ම අසාර්ථකත්වයේදී ද එක සේ මුහුණ දිය හැකි දරුවන් නිර්මාණය කල යුතු වන්නෙ එබැවිනි.
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක සහ සැපට එක සේ සමානව මුහුණ දිය හැකි දරුවන් නිර්මාණය කල යුතුය.බුදු දහමේ දී මෙය හඳුන්වන්නේ අටලෝ දහමෙහි කම්පා නොවන තාදි ගුණය ලෙසයි.
Comments
Post a Comment