Skip to main content

අසාර්ථකත්වය කලමණාකරනය

ඇමරිකාවේ පාසලක ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක් හිටියා. ඔහු හැමදාම විද්‍යාව විෂයට ලකුණු 100% ම ගන්නවා. ඔහු උසස් අධ්‍යාපනය සඳහා IIT තෝරගන්නවා. එහිදි ඔහු IIT සඳහා විශිෂ්ට ලකුණු ලබා ගන්නවා.ඔහු MBA එක සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට යනවා. ඉන්පසුව ඔහු ඇමරිකාවේ ඉහළ වැටුප් සහිත රැකියාවක් ද ලැබෙනවා. ලස්සන ගැහැණු ළමයෙකු සමඟ විවාහ වෙනවා. සුඛෝපභෝගී වාහනයක්, විශාල නිවසක් සියල්ලම ඔහු ලබා ගන්නවා.ඔහුට කිසිම දේකින් අඩුවක් තිබුනෙ නෑ. සර්ව සම්පූර්ණ ජීවිතයක්.

එහෙත් අවසානයේ දී සිදු වූයේ කුමක්ද...?

මීට මාස කිහිපයකට පෙර ඔහු තම බිරිඳට සහ දරුවන්ට වෙඩි තබා සිය දිවි නසා ගන්නවා.

ඔහු එහෙම කරේ ඇයි..?

ඔහුට වැරදුනෙ කොතනද...?

California Institute of Clinical Psychology මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා. පර්යේෂකයන් ඔහුගෙ මිතුරන් සහ පවුලේ අය මුණගැසී විස්තර හොයා ගන්නවා. කොවිඩ් අර්බුදය නිසා මෑත කාලීන ඇමරිකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි වෙලා.ඔහුට මාස කිහිපයක් රැකියාවක් නොමැතිව ඉන්න සිදු උනා. නිවසට ගත් ණය වල වාරික කිහිපයක් ඇරියස් උනා. නිවස අහිමි වෙන තත්වයට ආවා.මොහුට ජීවිතයෙ කිසි දිනෙක අසාර්ථකත්වයට මුහුණ දීලා පුරුදු නෑ. ඔහු සහ බිරිඳ එක්ව සියදිවි නසා ගැනීමට තීරණය කරනවා.ඔහු මුලින්ම තම බිරිඳට සහ දරුවන්ට වෙඩි තබාගෙන පසුව තමාටම වෙඩි තබාගෙන මිය යනවා.

ඔහුගේ ජීවිත කතාව ශෝකාන්තයකින් අවසන් වෙනවා.

පර්යේෂකයන්ගෙ නිගමනය වූයේ ඔහු සාර්ථකත්වය සඳහා වැඩසටහන්ගත ( Program) කර ඇති නමුත් ඔහුව අසාර්ථකත්වය කලමණාකරනයට පුහුණු කර නොමැති බවයි.මෙය හුදු ඇමරිකාවට පමණක් නොව මුලු ලෝකයම වෙලා ගෙන ඇති දරුණු තත්වයකි. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල පවා දරුවන්ව යථාර්ථයට මුහුණ දීමට පුරුදු පුහුණු කර නැත.දෙමව්පියන් දරුවන්ව සුරංගනා ලෝක තුල හිර කර ඇත. රැකියාව සහ මුදල් වැනි භෞතික සම්පත් වල අඳුරු තිමිර පටලයෙන් සදාචාරය, සාරධර්ම වසා ඇත.කායිකව හා මානසිකව බෙලහීන පරපුරක් නිර්මාණය කරමින් ඇත. ඉතාමත් ඉක්මනින් ඉච්ඡා භංගත්වයට පත් වෙන පරම්පරාවක් බිහි වෙමින් ඇත. 

මෙය ලියන අදත් 2023/08/05 උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී  මම දැක්කෙ උතුරු පලාතෙ විශ්ව විද්‍යාලයක දෙවෙනි වසරේ සිසුවියක් නේවාසිකාගාර තුලදී ම ගෙල වැලලාගෙන ඇති බව හා වෛද්‍යවරයෙක්ද තම නිවස තුලදී ම ගෙල වැලලාගෙන ඇති බවයි.

කුඩා කාලයේදීම සාර්ථකත්වයේදි මෙන්ම අසාර්ථකත්වයේදී ද එක සේ මුහුණ දිය හැකි දරුවන් නිර්මාණය කල යුතු වන්නෙ එබැවිනි.

ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක සහ සැපට එක සේ සමානව මුහුණ දිය හැකි දරුවන් නිර්මාණය කල යුතුය.බුදු දහමේ දී මෙය හඳුන්වන්නේ අටලෝ දහමෙහි කම්පා නොවන තාදි ගුණය ලෙසයි.

Comments

Popular posts from this blog

සිය දිවි නසා ගැනීම් වැළැක්වීම ගැන ඔබට කළ හැකි දේ මොනවා ද?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවන භටයන් ආදී පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් හට නිකුත් කළ මාර්ගෝපදේශයක් ද සහ දේදුනු සංවාද අදහස් ද එකතු කර ලියා තිබෙනවා. එම මාර්ගෝපදේශයේ අඩංගු සියදිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ කරුණු එම තනතුරුවල සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද වැදගත් වෙන්නේ එහි සඳහන්ව ඇත්තේ පොදු කරුණු නිසායි. 🔴 කිසිම කෙනෙකු නොසලකා හරින්නට එපා කෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙර හෝ තැත් කළ පසු අනෙක් පුද්ගලයින්ගෙන් බොහෝ විට අපිට අසන්නට ලැබෙන්නේ 'අපෝ ඕක මැරෙන්න තරම් දෙයක් ද?' යන දේවල්. නමුත් කෙනෙකු සිය දිවි නසා ගන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. මිනිසුන් විවිධයි. එක වගේ මිනිසුන් මේ ලෝකේ නැහැ. එම නිසා ඔබට වැඩකට නැති හේතු කියා සිතෙන දෙයක් අන් අයෙකුට විශාල විය හැකි අතර, ඔබට විශාල යැයි සිතෙන හේතුවක් වෙන කෙනෙකුට කුඩා වන්නට පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකු විනිශ්චය කරන්න එපා. එසේම එම එලෙස විනිශ්චය කර මානසික සෞඛ්‍ය සේවාවලට යොමු නෛාකර සිටීම කිසිසේත්ම කරන්නට එපා.  🔴 සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්....

සුදු/කලු චරිත

හැමෝගෙම ජීවිතවල "සුදු චරිත" රඟපාන්න අපට හම්බ වෙන්නේ නැහැ.  සමහරුන් ගේ ජීවිතවල අපට රඟපාන්න වෙන්නේ "කළු චරිත".. අපි "සුදු චරිත" රඟපාන්න හරි කැමතියි. "කළු චරිත"වලට අකැමැතියි.  කවුරුහරි අපට කළු චරිතයක් දුන්නම ඒක වෙනස් කරගන්න අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට රෑට නින්දක් නැතුව ඒ ගැන හිත හිත ඉන්නවා. ඇත්තට ම මේ සුදු චරිත වගේ ම කළු චරිතවලත් කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මේ දෙක ම අනුන්ගේ ඔළු ඇතුළෙ හැදෙන චරිත විතරක් හින්දයි.. ඒ කිසි චරිතයක් අපට අයිති දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එක ම දෙය අනුන් විසින් අපට දෙන මේ සුදු චරිත වගේ ම කළු චරිතත් හිතෙන් අයින් කරලා නිදහසේ ජීවත් වෙන එක විතරයි.  ජීවිතයේ නිදහස හම්බ වෙන්නේ මේ චරිත ඔක්කොගෙන් ම නිදහස් වුණාමයි. චරිතවල හිරවෙලා, ඒ ගැන හිත හිතා ඉන්න තාක්කල් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ..  ✍Rasika 

තාල වර්ගයට අයත් මල ගෙවල්

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මා...